01

E   |     |  

 දිනය: 2015-10-21   පිළිතුර ලබා දී ඇත 

0010/2015: The owners of the houses belonging to Ocean View Development

10/’15

 

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      එවකට පැවති ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත ඕෂන් වීව් ඩිවලප්මන්ට් (ප්‍රයිවට්) සමාගම ඉදිකරන ලද මත්තේගොඩ හා කහතුඩුව නිවාස සංකීර්ණවල නිවාස කිහිපයක්  පුද්ගලයින්ට ලබාදීමේ දී රු. මිලියන 60කට අධික මුදලක් අවභාවිත කර ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)  (i) එක් එක් නිවාස වර්ග අලෙවි කිරීමට තීරණය කරන ලද මුදල කවරේද;

(ii) එම නිවාස සඳහා පහසු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබුනේද;

(iii) එසේ නම්, නිවාස වර්ගය අනුව ගෙවිය යුතු පළමු වාරිකය හා සෙසු වාරික මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) කහතුඩුව නිවාස සංකීර්ණයේ අංක B–5, B4–10, B3–35 සහ B2–36 සහ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ D–16 හා  B-10 යන නිවාස ලබා දී ඇති පුද්ගලයින් කවුරුන්ද;

(ii) ඔවුන් සහ හිටපු අමාත්‍යවරයා අතර ඥාතිත්වය කවරේද;

(iii) එම නිවාස සඳහා ඔවුන් දැනට ගෙවා ඇති සහ ගෙවීමට ඉතිරිව ඇති මුදල කොපමණද;

(iv) හිඟ මුදල් අය කර ගැනීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

 

(v) නිවාස බෙදා දීමේදී සිදු වූ දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නේද;

(vi) එසේ නම්, එහි වර්තමාන තත්ත්වය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2015-10-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා ඉදිකිරීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks