01

E   |     |  

 දිනය: 2016-03-08   පිළිතුර ලබා දී ඇත 

0009/2016: Floating Armory in Galle Harbor

9/’15

 

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2015.08.18 දින ගාල්ල වරාය පොලිසිය කරන ලද  පරීක්ෂා කිරීමක දී  වරායේ ගාල් කර තිබු  “මහනුවර” නමැති නෞකාව තුළත්, ශ්‍රී ලංකා දක්ෂිණ නෞකා කඳවුරේ සහ එහි සේවා වනිතා ඒකකය සතු ගොඩනැගිල්ලක අවි සහ උණ්ඩ තිබී හමු වු බවත් එතුමා දන්නෙහිද?  

(ආ)  (i) පොලිසිය මඟින් අනාවරණය කරගත් අවි සහ උණ්ඩවල නීත්‍යානුකූල අයිතිය කවර පුද්ගලයෙකු හෝ ආයතනයක් සතු වන්නේද;

(ii) එම අවි ආයුධ පුද්ගලයෙකුට හෝ ආයතනයකට කවර පනතක් යටතේ  පවරා තිබේද;

(iii) එසේ නම්, ඊට බලය ලබා දුන් බලධරයා කවුරුන්ද;

(iv) එම ආයුධ නිෂ්පාදිත රට, වර්ෂය සහ බලපත්‍රය කවරේද;

(​v) ආයුධ මිලදී ගත් ක්‍රමය සහ වැය කර ඇති මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම පාවෙන අවි ගබඩාව වරාය පරිශ්‍රයේ පවත්වාගෙන යාමට අවසර තිබේද;

(ii) ඊට අවසර ලබා දී ඇති බලධරයා කවුරුන්ද;

(iii) ඒ වෙනුවෙන් ඇවන්ට්ගාර්ඩ් සමාගම මුදල්  ගෙවන්නේද;

(iv) එසේ නම්, එම මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) (i) මේ පිළිබඳව නීතිපතිවරයාගේ නිගමනයන් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් පිළිගන්නේද;

(ii) මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-03-08

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks