පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
8/’15
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) එවකට පැවති ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයට හා ඒ යටතේ පැවති දෙපාර්තමේන්තු සහ ආයතන සඳහා 2015 වර්ෂය වෙනුවෙන් දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය සඳහා එකී ආයතනවලින් මුදල් එකතු කර ඕෂන් වීව් ඩිවලප්මන්ට් (ප්‍රයිවට්) ලිම්ටඩ් වෙත රු.14,800,800/=ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) ඉහත (අ) පරිදි මුදල් එකතු කළේ නම්, එම මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය කිරීම සඳහා මිල ගණන් කැඳවා ආයතනයක් තෝරා ගනු ලැබුවේ නම්, එය කවරේද;
(ii) ඇනවුම් කරන ලද සහ මුද්‍රණ ආයතනය විසින් භාර දෙන ලද දිනපොත් හා කැලැන්ඩර් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මුද්‍රණ ආයතනයට මුදල් ගෙවු ආයතනය කවරේද;
(iv) එම මුදල කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) (i) මෙම කාර්යය සඳහා අමාත්‍යාංශය නොවන වෙනත් ආයතනයක් මුදල් ගෙවා තිබේ නම්, ඊට හේතු කවරේද;
(ii) මෙම දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශනයක් සිදුකරන්නේද;
(iii) එසේ නම්, එහි ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-20
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks