01

E   |     |  

 දිනය: 2015-10-20   පිළිතුර ලබා දී ඇත 

0007/2015: Land belonging to Ms. Chinnathamby donated to University of Colombo

7/’15

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වෛද්‍ය ශිවා චින්නතම්බි මෙනවිය විසින් සිය අන්තිම කැමති පත්‍රය මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් සඳහා පරිත්‍යාග කරන ලද කොළඹ 07, හේවා ඇවනියු, අංක 11 දරන ස්ථානයේ පිහිටි ඇයගේ අභාවයෙන් පසු කුමාරාජ් චිත්‍රන්ජන් නඩරාජා නමැත්තා විසින් භුක්ති විඳින ලද දේපළ, නීතිවිරෝධීව බලහත්කාරයෙන් සහ වංචනිකව අත්පත් කරගෙන භුක්තිවිඳීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය කවරේද;

(ii) එම දේපළ විශ්වවිද්‍යාලය  සතු දේපළක් ලෙස අත්පත් කර ගත්තේද;

(iii) ඊට අදාළ වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් දරන ලද වියදම් කවරේද;

(iv) මෙම නිවසේ කාන්තා නේවාසිකාගාරයක් ආරම්භ නොකොට සුපිරි ආපනශාලාවක් ආරම්භ කිරීමේ පදනම කවරේද;

(v) එය පවත්වාගෙන යන්නේ කවුරුන් විසින්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උසාවි නියෝග මත මුද්‍රා තැබූ මෙම නිවස අධිකරණ අවසරයකින් තොරව විවෘතකර එහි ඇති ගෘහභාණ්ඩ ඇතුළු සියලු වටිනා දේ පැහැර ගැනීම පිළිබඳ විමර්ශන සිදු කරන්නේද;

(ii) එසේ නම්, ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks