පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5891/’15
ගරු ලසන්ත අලගියවන්න මහතා,— නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිවයින තුළ ඇති පිරිසිදු පානීය ජල පහසුකම් සහිත නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) දිවයිනේ ඇති මුළු නිවාස සංඛ්‍යාව අතරින් පානීය ජල පහසුකම් ලබා දී ඇති නිවාස සංඛ්‍යාවේ ප්‍රතිශතය කොපමණද;
(iii) පානීය ජල පහසුකම් ලබා දීමට ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;
(iv) එම නිවැසියන්ට පානීය ජල පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ගන්නා තීරණ කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-20
අසන ලද්දේ
ගරු ලසන්ත අලගියවන්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වසර 2014 දී දිවයිනේ පිරිසිදු පානීය ජල පහසුකම් ඇති නිවාස සංඛ්‍යාව 43,88,400කි. (මෙය නළ ජලය, ආරක්ෂිත ළිං, ගැඹුරු/නොගැඹුරු නළළිං, උල්පත් හා වැසි ජලය ආදියෙන් ආවරණය වනු ඇත.)
(ii) මුළු නිවාස සංඛ්‍යාවෙන් එම ප්‍රතිශතය සියයට 84.6කි.
(iii) පානීය ජල පහසුකම් ලබා දීමට ඇති නිවාස සංඛ්‍යාව 7,99,667කි.
(iv) එම නිවැසියන්ට සියයට 100ක්ම ආරක්ෂිත පානීය ජල පහසුකම් 2020දී ලබා දීමට ඉලක්ක කර ඇත. මෙම නිවැසියන්ගෙන් බොහොමයක් දුෂ්කර ප්‍රදේශවල වාසය කරන බැවින් අදාළ ජල ප්‍රභවයන් හඳුනා ගෙන සැලසුම් සකස් කළ යුතු වේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගත යුතු අතර, එවිට 2020 වන විට මෙම ඉලක්කය කරා ළඟා විය හැක. මෙම ක්‍රියාවලියේදී ඇති වන දුෂ්කරතාවන් නම් දුෂ්කර ප්‍රදේශ සඳහා ජල මූලාශ්‍ර හඳුනා ගැනීම සහ අවශ්‍ය පරිදි සැලසුම්ගත කිරීමයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks