01

E   |     |  

 දිනය: 2014-11-21   පිළිතුර ලබා දී ඇත 

5598/2014: Sand Dune - Southern Highway Dodangoda

5598/’14

 

ගරු පාලිත තෙවරප්පෙරුම මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       දක්ෂිණ අධිවේගී මාර්ගයේ, ‍දොඩන්ගොඩ පිවිසුම් ස්ථානයෙන්                මතුගම - කළුතර ප්‍රධාන මාර්ගයට පැමි‍ණීමෙන් පසු, මතුගම දෙසට මීටර් 50 පමණ දුරින් පිහිටි පෞද්ගලික ඉඩමක කලක සිට  මාර්ගය අවහිර වනසේ පස් කන්දක් තිබෙන බවත්;

(ii) එම පස් කන්ද, මාර්ගයේ ගමන් කරන රථ වාහනවලට හා පදිකයන්ට අවහිරයක් බවත්;

(iii) එම පස් කන්ද හේතුවෙන් එම ස්ථානයේ රිය අනතුරු සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මාර්ගය අවහිර වන සේ ඇති ඉහත පස් කන්ද ඉවත් කිරීමට කටයුතු කරන්නේද;

   (ii) එසේ නම්, එම දිනය කවදාද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-21

අසන ලද්දේ

ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks