පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5435/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 ජනවාරි සිට ජුනි දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දේශීය සැපයුම්කරුවන්ගෙන් මිලදී ගෙන ඇති තාර බැරල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම තාර ප්‍රමාණය මිලදී ගැනීමට වැය කළ මුදල කොපමණද;
(iii) එම තාර බැරල් සියල්ල අලෙවි කිරීමට සුදුසු තත්ත්වයෙන් පැවතියේද;
(iv) නොඑසේ නම්, අලෙවි කිරීමට සුදුසු තත්ත්වයේ තිබූ තාර බැරල් සංඛ්‍යාව කොපමණද;
(v) එම තාර බැරල් විකිණීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත සඳහන් තාර සැපයූ ආයතනය තෝරා ගැනීමට අනුගමනය කළ පිළිගත් ක්‍රමවේදය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) 2013 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා තාර බැරල් අලෙවි කිරීමට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ දක්වා අයවීමට ඇති මුදල කොපමණද;
(ii) අය විය යුතු එම මුදල් ප්‍රමාණය එක් එක් ආයතනය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-19
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) බැරල් 13,860 කි.
(ii) රුපියල් මිලියන 211.51 කි.
(iii) නැත. බැරල් 17ක් පලුදු වී තිබූ බැවින් සැපයුම්කරුට හරවා යවන ලදී.
(iv) බැරල් 13,843 කි.
(v) ලාභය රුපියල් මිලියන 37.03 කි.
(ආ) ප්‍රසිද්ධ පුවත් පත්වල හා වෙබ් අඩවියේ පළ කළ දැන්වීම් මඟින් දේශීය සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ප්‍රසම්පාදන විධිවිධානවලට අනුව අමාත්‍ය මණ්ඩලය මඟින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය මත තෝරා ගනු ලබයි.
(ඇ) (i) රුපියල් මිලියන 1,100.95 කි.
(ii) 2013 වර්ෂය සඳහා එක් එක් ආයතනය අනුව අය විය යුතු මුදල
|
ආයතනයේ නම |
අයවිය යුතු මුදල (රුපියල් මිලියන) |
|
සෙනොක් ට්‍රේඩ් කම්බයින් |
43.80 |
|
සියෙරා කන්ස්ට්‍රක්ෂන් |
0.80 |
|
මඟ නැඟුම ඉමල්ෂන් |
3.05 |
|
කොළඹ මහනගර සභාව |
12.69 |
|
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය,ගාල්ල |
16.47 |
|
මාර්ග සංවර්ධන අධිකාරිය |
915.40 |
|
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය |
108.74 |
(ඈ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2015-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks