පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2009 සිට 2014 දක්වා කාල සීමාව තුළ දී,
(i) ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් අනුග්‍රාහක දැන්වීම්, සුබ පැතුම් පුවරු සහ ප්‍රචාරක පුවරු සවිකිරීම වෙනුවෙන් වැය කළ මුදල;
(ii) එකී ආයතනයන්හි අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් සවිකරන ලද පුවරු සඳහා වැය කළ මුදල;
(iii) එකී ආයතනයන්හි අරමුණුවලට පරිබාහිර අරමුණු වෙනුවෙන් සවිකරන ලද පුවරු සඳහා වැය කළ මුදල;
වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත ආයතනයන්හි අරමුණුවලට පරිබාහිර අරමුණු වෙනුවෙන් සවිකරන ලද ප්‍රචාරක පුවරු මගින් ප්‍රචාරය කරන ලද කරුණු කවරේද;
(ii) එම පුවරු සවිකිරීම සඳහා අනුමතිය ලබා දුන් අය කවුරුන්ද;
(iii) ඒ සඳහා වූ වියදම ප්‍රතිපූරණය කර ගත් ආකාරය කවරේද;
(iv) එකී පුවරු සඳහා කරන ලද ගෙවීම්වලට අදාළ ලේඛන ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-01
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා සමෘද්ධි
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අනුග්‍රාහක දැන්වීම් සහ ප්‍රචාරක පුවරු සඳහා මුදල් වැය කර නැත.
ආයතනයේ අරමුණු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මහජන සහභාගිත්වය වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනික දැන්වීම් සහ පුවරු සඳහා පහත පරිදි මුදල් වැය කර ඇතැයි කියා
මගේ අමාත්‍යාංශයේ නිලධාරින් පිළිතුරු ලබා දී තිබෙනවා.
2009 වර්ෂය - රුපියල් 43,90,000
2010 වර්ෂය - රුපියල් 5,283,000
2011 වර්ෂය - රුපියල් 10,367,000
2012 වර්ෂය - රුපියල් 20,894,000
2013 වර්ෂය - රුපියල් 15,027,193
2014 වර්ෂය - රුපියල් 10,065,770
(ii) එකී ආයතනයන්හි අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් වැය කරන ලද මුදලින් පුවරු සඳහා පමණක් වැය කළ මුදල පහත සඳහන් වේ.
2009 වර්ෂය - රුපියල් 470,000
2010 වර්ෂය - රුපියල් 277,000
2011 වර්ෂය - රුපියල් 6,931,970
2012 වර්ෂය - රුපියල් 6,887, 492
2013 වර්ෂය - රුපියල් 10,483,071
2014 වර්ෂය - රුපියල් 6,894,208
ඒ වාගේම මේ පුවරු, අනුග්‍රාහක දැන්වීම්, සුබ පැතුම් පුවරු, ප්‍රචාරක පුවරු සවි කළ ස්ථාන සහ අනුග්‍රහයන් ලබා දුන් ආයතනවල විස්තර මම සභාගත* කරනවා.
(iii) ලබා දී තිබෙන පිළිතුරුවලට අනුකූලව, ආයතනවල අරමුණුවලට පරිබාහිරව ප්‍රචාරක පුවරු සවි කර නොමැත.
(ආ) (i) ආයතනවල අරමුණුවලට පරිබාහිරව වෙනත් අරමුණු සඳහා රාජ්‍ය අරමුදල් යොදවා ප්‍රචාරක පුවරු සවි කර නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks