02

E   |     |  

 දිනය: 2015-03-04   පිළිතුර ලබා දී ඇත 

5118/2015: කුකුලේගඟ විදුලි බලාගාරය : අක්‍රිය විදුලි උත්පාදන යන්ත්‍ර

5118/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      කුකුලේගඟ විදුලි බලාගාරයෙහි තිබෙන විදුලි උත්පාදන යන්ත්‍ර සංඛ්‍යාව කොපමණද;   

            (ii)      එම එක් එක් යන්ත්‍රයෙහි විදුලි උත්පාදන ධාරිතාව කොපමණද;

යන්න එතුමා ‍සඳහන් කරන්නෙහිද?      

(ආ) (i) 2013 වර්ෂය මුළුල්ලේ ඉහත සඳහන් සියලු විදුලි උත්පාදන යන්ත්‍ර ක්‍රියාත්මකව පැවතියේද;

(ii) නොඑසේ නම්, අක්‍රියව පැවති යන්ත්‍ර සංඛ්‍යාව  කොපමණද;

(iii) එම එක් එක් යන්ත්‍රය අක්‍රියව තිබූ කාලය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම විදුලි උත්පාදන යන්ත්‍ර අක්‍රියවීමට හේතු කවරේද;

(v) අනාගතයේදී එම බලාගාරයේ යන්ත්‍ර අක්‍රිය නොවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-04

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      දෙකකි.

              (ii)      ජනක යන්ත්‍ර නො. 01 - මෙගාවොට් 37.5

                         ජනක යන්ත්‍ර නො. 02 - මෙගාවොට් 37.5

(ආ)          (i)      නැත.

              (ii)      අක්‍රියව පැවතියේ ජනක යන්ත්‍ර එකකි.

              (iii)      ජනක යන්ත්‍ර නො. 02 - 2013 ජුනි 08වන දින සිට 2013 නොවැම්බර් 28වන දින තෙක් දින 178ක් අක්‍රියව පැවතුණි.

(iv) ජනක යන්ත්‍ර නො. 02හි භ්‍රමණය වන කොටසට පෑස්සුම් කර සවි කර තිබූ ලෝහ කැබැල්ලක් ජනක යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබියදී ගැලවී වීසි වීමෙන් ජනක යන්ත්‍රයේ අභ්‍යන්තර කොටස්වලට දැඩි ලෙස අලාභ හානි වීම.

(v) මෙම අනතුරට පෙර සිටම කරගෙන ආ පරිදි නඩත්තු කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම අනතුර ජනක යන්ත්‍ර නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදු වූ අඩු පාඩුවක් මත සිදු වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණ විය. යන්ත්‍රය නිෂ්පාදනය කළ සමාගමෙහි උපදේශකයන්ගේ අධීක්ෂණය මත පූර්ණ අලුත්වැඩියාවක්  දැනට සිදු කෙරෙමින් පවතී.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks