01

E   |     |  

 දිනය: 2015-02-20   පිළිතුර ලබා දී ඇත 

5113/2015: කෘෂිකාර්මික ට්‍රැක්ටර්: බදු වැඩි කිරීම

5113/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා, 2014. 01. 01 දින සිට ක්‍රියාත්මක වූ වැඩි වූ බදු ප්‍රතිශතය ‍කොපමණද;   

            (ii)      කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා මෙම බදු වැඩි වීම ක්‍රියාත්මක කිරීමේදී ගොවි ජනතාවට හෝ රටට සිදුවේයැයි බලාපොරොත්තු වන යහපත කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?       

(ආ) 2012, 2013 වර්ෂවලදී සහ 2014 වර්ෂයේ අප්‍රේල් මස අවසානය දක්වා ලියාපදිංචි කර ඇති රෝද හතරේ නව කෘෂිකාර්මික ට්‍රැක්ටර් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහාවන බදු වැඩි කිරීම තුළින් ගොවි ජනතාවට සහ කෘෂිකර්මාන්තයට අයහපත් බලපෑමක් සිදුවී තිබේද;

(ii) එසේ නම්, එම අහිතකර බලපෑම වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-02-20

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)            (i)       2013.12.31 දින තෙක් ආනයනික මෙන්ම දේශීයව නිෂ්පාදිත කෘෂිකාර්මික ට්‍රැක්ටර්  සඳහා ආනයන තීරු බදු (CID), ජාතිය ගොඩනැඟීමේ බදු (NBT) හා අගය එකතු කළ බදු (VAT) නිදහස් කර තිබූ අතර, 2014.01.01 දින සිට ආනයනික කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා පමණක් ජාතිය ගොඩනැඟීමේ බද්ද (2%) හා අගය එකතු කළ බද්ද (12%) ක්‍රියාත්මක කරන ලදී.

              (ii)       දේශීය කෘෂිකාර්මික ට්‍රැක්ටර් නිෂ්පාදනය දිරි ගැන්වීම උදෙසා විදේශීයව නිෂ්පාදිත කෘෂිකාර්මික ට්‍රැක්ටර්  ආනයනය අධෛර්යමත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

(ආ) 

 

 

මාසය

එක් එක් වර්ෂයේදී ලියා පදිංචි කර ඇති නව කෘෂිකාර්මික ට්‍රැක්ටර් සංඛ්‍යාව

 

 

2012

2013

2014

1

ජනවාරි

564

316

187

2

පෙබරවාරි

628

236

99

3

මාර්තු

671

279

125

4

අප්‍රේල්

585

358

 76

5

මැයි

710

414

 

6

ජුනි

451

260

 

7

ජූලි

335

213

 

8

අගෝස්තු

413

234

 

9

සැප්තැම්බර්

373

265

 

10

ඔක්තෝබර්

624

346

 

11

නොවැම්බර්

553

298

 

12

දෙසැම්බර්

314

218

 

            එකතුව

6,221

3,437

487

(ඇ)   (i) නැත.

         (ii) අදාළ නොවේ.

(ඈ) පසු ගිය වකවානුව තුළ බල පැවැත්වූ නියං තත්ත්වය  හේතුවෙන් ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වය පහත වැටීම හා උකස් වෙළෙඳ පොළ දැඩි ලෙස අස්ථාවර වීම හේතුවෙන් රන් භාණ්ඩ උකසට තබා අමතර අරමුදල් ආයෝජනය සඳහා යොදා ගැනීමේ හැකියාවද පහත වැටීම හේතුවෙන් කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා වන ඉල්ලුම අඩු වී ඇත.

2011 වසරේ සිටම වාර්ෂිකව ලියා පදිංචි කරනු ලබන කෘෂිකාර්මික ට්‍රැක්ටර් සංඛ්‍යාව නොකඩවා පහත වැටී ඇත. එනම්, 2011 වසරට සාපේක්ෂව 6%කින් 2012 වසරේදීද, 2102 වසරට සාපේක්ෂව 45%කින් 2013 වසරේදීද, 2013 වසරට සාපේක්ෂව 42%කින් 2014 වසරේදීද වාර්ෂිකව ලියා පදිංචි කරනු ලබන කෘෂිකාර්මික ට්‍රැක්ටර් සංඛ්‍යාව අඩු වී ඇත.

පිළිතුරු දුන් දිනය

2015-02-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks