පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4952/’14
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පුත්තලම දිස්ත්‍රික්කයේ, මහවැව සිට කටුනේරිය දක්වා මුහුදු තීරයේ වෙරළ දැඩි ඛාදනයකට ලක්වෙමින් පවතින බව දන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත ප්‍රදේශයේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද;
(ii) එම ක්‍රියා මාර්ග ගැනීමෙන් පසුවද වෙරළ ඛාදනය වළක්වා ගත නොහැකි වී තිබේද;
(iii) එසේ නම්, ඒ මන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත සඳහන් ප්‍රදේශයේ සිදුවූ වෙරළ ඛාදනය නිසා විනාශ වී ඇති හා විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇති නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) විනාශ වී ඇති නිවාස හා දේපළ වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමේ වැඩ පිළිවෙළක් අරඹා තිබේද;
(iii) එම වන්දි මුදල තක්සේරු කිරීමේ ක්‍රමවේදය කවරේද;
(iv) වෙරළ ඛාදනය නිසා අවතැන් ජනතාවගේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-08-06
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks