පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4829/’14
ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කරගොඩ උයන්ගොඩ I අත හා II අත ඇතුළු ග්‍රාම නිලධාරී වසම් කිහිපයක වගා අස්වනුවලට වඳුරන්ගෙන් සහ මොනරුන්ගෙන් සිදුවන හානි වළක්වාගත නොහැකි වීම නිසා කෘෂිකාර්මික කටයුතුවල නියුතු ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්වී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම වගාවන්ට සිදුවන හානි වැළැක්වීම සඳහා දැනට ගෙන ඇති පියවර කවරේද;
(ii) ඒ සඳහා ඉදිරියේදී අනුගමනය කරන ක්‍රමවේදයන් කවරේද;
(iii) මෙම වගාවන් ආරක්ෂා කරදීම සඳහා කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) (1) වඳුරු උවදුර හේතුවෙන් සිදුවන හානි වැළැක්වීම සඳහා රුපියල් 10100/- කට වායු රයිෆල ලබා දීමේ වැඩ සටහනක් පොල් සංවර්ධන මණ්ඩලය හරහා ක්‍රියාත්මක වේ. පොල් සංවර්ධන නිලධාරින් විසින් ගොවි සංවිධාන නියෝජිතයින් හා නිලධාරින් මඟින් ජනතාව දැනුවත් කර ඇත.
( 2)වන සත්ත්ව ආරක්ෂක ආඥාපනතට අනුව, වඳුරන් ආරක්ෂිත සත්ත්ව විශේෂයක් නොවන බැවින්, ඔවුන් පලවා හැරීමේ ක්‍රියාදාමය නීතිය හමුවේ වරදක් නොවන නිසා මෙම වන සතුන් ගොවිබිම් වලින් ඉවත් කර ජාතික උද්‍යානවලට ගෙන ගොස් දැමීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන් නමුත්, එයින් සාර්ථක ප්‍රතිඵල අත්නොවූ බැවින් වෙනත් විකල්ප ක්‍රමවේදයක් අත්හදා බැලීමේ මට්ටමක පවතී.
( 3)වන සත්ත්ව ආරක්ෂක ආඥා පනත අනුව මොණරුන් ආරක්ෂිත පක්ෂි විශේෂයක් වන බැවින් එම සතුන්ට හානි කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් මොණරුන්ගෙන් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු වගා ආරක්ෂිත ක්‍රමවේදයක් යොදා ගැනීමට ගොවීන් දැනුවත් කර ඇත.
(ii) (1) වායු රයිෆල ලබා ගැනීම පිළිබඳව තවදුරටත් ජනතාව දැනුවත් කිරීම.
(2) වඳුරන්ගේ ගහනය පාලනය කිරීම වැනි වෙනත් විකල්ප ක්‍රමවේදයන් අත්හදා බැලීම. මම අද උදේත් කිව්වා, "ගොවි සංවිධානවලට රයිෆල් ලබා දීමේ ක්‍රමවේදයක් කරන්න බලාපොරොත්තු වෙනවා." කියා.
(iii) දැනටමත් කටයුතු සිදු කරමින් පවතී.
(ඇ) අදාළ නොවේ.
කඹුරුපිටිය කොට්ඨාසයේ වගාවන්ට සිදුවන හානි :වැළැක්වීමේ ක්‍රමවේද
පිළිතුරු දුන් දිනය
2015-05-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks