පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4826/’14
ගරු බුද්ධික පතිරණ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රාජකාරි සඳහා කුලී පදනම මත වායුසමනය කළ, සුඛෝපභෝගී වාහන ලබා ගෙන තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එසේ නම්, ලබා ගෙන ඇති එම වාහන වර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) වායුසමනය කළ වාහනයක් සඳහා ගෙවන මාසික කුලිය එකී වාහන වර්ග අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) සාමාන්‍ය ආරක්ෂක රාජකාරී සඳහා එම වාහන යොදා ගන්නේද;
(ii) නොඑසේ නම්, නිලධාරීන්ගේ ගමන් බිමන් සඳහා එම වාහන යොදා ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) (i) ශ්‍රී ලංකා ගුවන් හමුදාව කුලී පදනම මත ලබා ගත්, වායුසමනය කළ, සුඛෝපභෝගී වාහන සඳහා මසකට ගෙවනු ලබන කුලිය;
(ii) 2012 සහ 2013 වර්ෂයන්හි ඉහත වාහන සඳහා ගෙවන ලද මුදල වෙන් වෙන් වශයෙන්;
කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-07
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කුලී පදනම මත ලබා ගත් වායු සමනය කළ වාහන ගුවන් හමුදා රාජකාරි සඳහා යොදා ගැනෙයි. ඒවා සුඛෝපභෝගී වාහන ලෙස සැලකිය නොහැක.
(ආ) (i) ගුවන් හමුදාව විසින් එසේ ලබා ගෙන ඇති සියලුම වාහන "කාර් රථ" පමණක් වේ.
(ii) එම වාහන සඳහා ගෙවන මාසික කුලිය උපරිමය රු. 50,000 කි.
(ඇ) (i) ඔව්.
(ii) මෙම වාහන, චක්‍රලේඛ අනුව සුදුසුකම් ලබන ගුවන් කොමදෝරු නිලය සහ ඉන් ඉහළ නිලයන් දරන ගුවන් හමුදා නිලධාරින්ගේ ගමන් බිමන් සඳහා ද යොදා ගැනීමට අවසර ඇත.
(ඈ) (i) ඉහත (ආ) ii පරිදි වේ.
(ii) 2012 - රු. මිලියන 132.91 (රුපියල් මිලියන එකසිය තිස්දෙකයි දශම නවයයි එකයි)
2013 - රු. මිලියන 123.59 (රුපියල් මිලියන එකසිය විසිතුනයි දශම පහයි නවයයි)
(ඉ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks