පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4825/’14
ගරු බුද්ධික පතිරණ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ රාජකාරි සඳහා කුලී පදනම මත, වායුසමනය කළ, සුඛෝපභෝගී වාහන ලබා ගෙන තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එසේනම්, ලබා ගෙන ඇති වාහන වර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) වායුසමනය කළ වාහනයක් සඳහා ගෙවන මාසික කුලිය එකී වාහන වර්ගය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) සාමාන්‍ය ආරක්ෂක රාජකාරී සඳහා එම වාහන යොදා ගන්නේද;
(ii) නොඑසේ නම්, නිලධාරීන්ගේ ගමන් බිමන් සඳහා එම වාහන යොදා ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) (i) යුද හමුදාව කුලී පදනම මත ලබා ගත්, වායුසමනය කළ, සුඛෝපභෝගී වාහන සඳහා මසකට ගෙවනු ලබන කුලිය කොපමණද;
(ii) 2012 සහ 2013 වර්ෂයන්හි ඉහත වාහන සඳහා ගෙවන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-07
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කුලී පදනම මත ලබා ගත් වායු සමනය කළ වාහන යුද හමුදා රාජකාරි සඳහා යොදා ගැනෙයි. ඒවා සුඛෝපභෝගී වාහන ලෙස සැලකිය නොහැක.
(ආ) (i) යුද්ධ හමුදාව විසින් එසේ ලබා ගෙන ඇති සියලුම වාහන "කාර් රථ" වේ.
(ii) එම වාහන සඳහා ගෙවන මාසික කුලිය උපරිමය රු.50,000/-කි. විස්තර ඇමුණුමෙහි දක්වා ඇත.
(ඇ) (i) ඔව්.
(ii) වසර 25ක අවම සේවා කාලයක් සහිත ලුතිනන් කර්නල් (පළමු ශ්‍රේණිය) හා ඉන් ඉහළ නිලයන් දරන නිලධාරින්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මඟින් අනුමත කළ උපරිම ඉන්ධන ප්‍රමාණයක් තුළ පෞද්ගලික ගමන් බිමන් සඳහා මෙම වාහන යොදා ගැනීමට අවසර ඇත.
(ඈ) (i) ඉහත (ආ) ii පරිදි වේ.
(ii) 2012 - රු. මිලියන 515කි. (රුපියල් මිලියන පන්සිය පහළොවකි.)
2013 - රු. මිලියන 578කි. (රුපියල් මිලියන පන්සිය හැත්තෑ අටකි.)
(ඉ) අදාළ නොවේ.
ඇමුණුම
|
අ/අ |
නිලය/ වාහන වර්ගය |
අවු: 5ට අඩු |
අවු:5ත් 10ත් අතර |
අවු:10ත් 15ත් අතර |
|||
|
|
මාණ්ඩලික රථ (කාර් රථ |
ඩීසල් |
පෙට්රල් |
ඩීසල් |
පෙට්රල් |
ඩීසල් |
පෙට්රල් |
|
|
|
වැට් බදු රහිත දිනක කුලිය (රු) |
වැට් බදු රහිත දිනක කුලිය (රු) |
වැට් බදු රහිත දිනක කුලිය (රු) |
වැට් බදු රහිත දිනක කුලිය (රු) |
වැට් බදු රහිත දිනක කුලිය (රු) |
වැට් බදු රහිත දිනක කුලිය (රු) |
|
1. |
මේජර් ජනරාල් බ්රිගේඩියර්/කර්නල් (සිලින්ඩර් ධාරිතාවය 1250CC ඉහළ |
රු.1610.00 |
රු.1610.00 |
රු.1580.00 |
රු.1530.00 |
- |
- |
|
2. |
ලුතිනන් කර්නල්/මේජර් (මානි1) (සිලින්ඩර් ධාරිතාව 1150 CC ඉහළ |
රු.1610.00 |
රු.1610.00 |
රු.1550.00 |
රු.1500.00 |
රු.1425.00 |
රු.1425.00 |
පිළිතුරු දුන් දිනය
2015-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks