04

E   |     |  

 දිනය: 2010-06-30   පිළිතුර ලබා දී ඇත 

0120/2010: Medicine Deficit

0120/’10 1. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් ඇතිවී තිබෙන බවට 2010 මැයි මාසයේදී පළ වූ මාධ්‍ය වාර්තා එතුමා පිළිගන්නෙහිද? (ආ) එම ඖෂධ හිඟයට හේතු කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? (ඇ) ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් තරමින් තොග ගබඩාවල තිබිය යුතු බව එතුමා පිළිගන්නෙහිද? (ඈ) (i) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිපදවන ඖෂධ වර්ග ප්‍රමාණය කොපමණද; (ii) ශ්‍රී ලංකාවට පිටරටින් ගෙන්වන ඖෂධ වර්ග ප්‍රමාණය කොපමණද; (iii) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබා ඇති පාඩුව හෝ ණය වී ඇති ප්‍රමාණය කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2010-06-30

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks