පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4815/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) අස්ථානගත වූ වාහන ආදායම් බලපත්‍රයක් වෙනුවෙන් පිටපතක් ලබා ගැනීමේදී එම බලපත්‍රය නැති වූ දින සිට ඉදිරි කාලය වෙනුවෙන් සම්පූර්ණ බලපත්‍ර ගාස්තුවම නැවත බලපත්‍ර හිමියාගෙන් අය කර ගන්නා බව එතුමා දන්නෙහිද?
(ආ) අදාළ වර්ෂය වෙනුවෙන් ආදායම් බලපත්‍රය සඳහා ගාස්තු ගෙවා රජයේ ආදායමට බැර කර තිබියදී, එකී බලපත්‍රයේ පිටපතක් ලබා ගැනීම සඳහා නැවත සම්පූර්ණ බලපත්‍ර ගාස්තුවම අය කිරීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) සාමාන්‍ය කඩදාසියක මුද්‍රිත වාහන ආදායම් බලපත්‍රය විනාශ වීමට හෝ අස්ථානගත වීමට වැඩි හැකියාවක් ඇති බව පිළිගන්නේද;
(ii) එබැවින්, එම බලපත්‍රයේ පිටපතක් ලබා ගැනීමේදී ඒ සඳහා වැය වන පිරිවැය පමණක් අය කර එය නිකුත් කිරීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-08
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks