04

E   |     |  

 දිනය: 2010-07-03   පිළිතුර ලබා දී ඇත 

0118/2010: Health Facilities in Digamadulla

0118/'10

 

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      දිගාමඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි ඉස්මායිල්පුරම් ගම්මානයේ වෛද්‍ය පහසුකම් නොමැති හේතුවෙන් එහි ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදෙන බවත්;

(ii) එම ජනතාවට හදිසි වෛද්‍ය සේවාවන් ලබාගැනීමට පවා අම්පාර, සමන්තුරේ වැනි දුර බැහැර ප්‍රදේශවලට යාමට සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) රටේ සෑම ගමකම අඩු තරමින් එක් ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හෝ තිබෙන තත්ත්වයක් තුළ මෙම ඉස්මායිල්පුරම් ගමට එවැනි පහසුකමක් හෝ ලබාදීමට කඩිනමින් පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-03

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks