පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4738/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විවිධ විදේශීය ක‍්‍රීඩා තරගාවලි සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන් එම තරගාවලි සඳහා විදේශ රටවලට පිටත් කර යැවීම සඳහා නිසි වැඩ පිළිවෙළක් නොමැති බවත්;
(ii) එම තත්ත්වය යටතේ විදේශ ක්‍රීඩා තරගාවලි සඳහා තෝරා ගනු ලබන පාසල් දරුවන්ගේ දෙමාපියන් දැඩි අපහසුතාවයට පත්වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) විදේශ ක්‍රීඩා තරගාවලි සඳහා තෝරා ගනු ලබන සිසුන් එම තරගාවලි සඳහා පිටත් කිරීමට යම් අරමුදලක් පිහිටුවීමේ සැලැස්මක් තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-10
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විදේශ ක්‍රීඩා තරගාවලිවලට සහභාගි වීමේදී පහත සඳහන් ක්‍රීඩා තරගවලට සහභාගි වන සියලුම පාසල් ක්‍රීඩකයන්ට, ක්‍රීඩිකාවන්ට හා නිලධාරින්ට රජය මඟින් පූර්ණ අනුග්‍රහය ලබා දේ. (2012.05.16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වේ.)
* විදේශ ක්‍රීඩා වනුයේ සාක් ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සහ ඔලිම්පික් ක්‍රීඩා තරග වේ.
(ii) රජය පිළිගත් ඉහත සඳහන් විදේශ තරග සඳහා සහභාගිවීමේදී ඒ සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමවුපියන්ගේ එකඟතාව හා කැමැත්ත මත කටයුතු කරනු ලැබේ.
මීට අමතරව වයස් සීමා යටතේ ජාතික සංගම් මඟින් තෝරා ගනු ලබන (පාසල් සිසුන්ගෙන් යුත්) ජාතික කණ්ඩායම් විදේශ තරගවලට සහභාගි වීමේදී අදාළ ජාතික සංගම් විසින් වියදම් දරනු ලබයි.
(ආ) එවැනි අරමුදලක් පිහිටුවා නැත.
(ඇ) රජයේ අරමුදල් රෙගුලාසි අනුව රාජ්‍ය ආයතනවලට එවැනි අරමුදල් රැස් කිරීමේ බලයක් නැත.
පිළිතුරු දුන් දිනය
2016-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks