04

E   |     |  

 දිනය: 2010-06-08   පිළිතුර ලබා දී ඇත 

0111/2010: Government Budget

0111/’10

 

ගරු  දයාසිරි  ජයසේකර  මහතා,— මුදල් හා  ක්‍රම සම්පාදන  අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)  2004 සිට 2010 මාර්තු 31 දක්වා එක් එක් වර්ෂයේ අයවැය පරතරය රුපියල් මිලියනවලින්, වෙන් වෙන් වශයෙන්, කොපමණද යන්න එතුමා  මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ආ)     එම කාල සීමාව තුළ  අයවැය පරතරයන්  පියවා ගැනීමට දේශීය හා විදේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණයන් පිළිබඳ විස්තරයක් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?‍

(ඇ) (i) එම ණය ප්‍රමාණය රුපියල්වලින් කොපමණද;

(ii) එම  ණය ගෙවීමට ගතවන සම්පූර්ණ කාලය කොපමණද;

(iii) ඒ අනුව එක් එක් වර්ෂය තුළ ආපසු ගෙවිය යුතු මුදල රුපියල්වලින්, වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-08

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks