04

E   |     |  

 දිනය: 2010-06-10   පිළිතුර ලබා දී ඇත 

0107/2010: UN Country Report

107/'10

ගරු රාජීව විජේසිංහ මහතා,— පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් කරන ලද පැවරුමක් මත “කන්ට්‍රි ඔෆ් ඔරිජින් රිසච් ඇන්ඩ් ඉන්ෆොමේෂන්” නම් සංවිධානයක් විසින් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් 2010 අප්‍රේල් මාසය තුළ දී ඉදිරිපත් කර ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සම්බන්ධව එම වාර්තාවේ සඳහන් කොට ඇති සංඛ්‍යාලේඛන නිවැරදිද;

(ii) බන්ධනාගාර පිළිබඳ වගකීමක් දැරූ කිසියම් අමාත්‍යාංශයක් විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවත්නා තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා පසුගිය අවුරුදු විස්සක කාලය තුළ පිළියෙල කර ඇති නිර්දේශ කවරේද;

(iii) එවැනි නිර්දේශ ක්‍රියාත්මක කර තිබේද;

(iv) නොඑ‍සේ නම්, එවැනි නිර්දේශයන් කඩිනමින් ක්‍රියාත්මක වන බවට සහතික කොට ඒ බව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-10

අසන ලද්දේ

ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks