පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0106/'10
ගරු රාජීව විජේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඇහැලියගොඩ අධ්‍යාපන කලාපයේ ළමයින් 100 කට වඩා අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) 2008 සහ 2009 වර්ෂවලදී මෙම එක් එක් පාසලෙහි සාමාන්‍ය පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයන්හි ප්‍රතිඵල කවරේද;
(iii) මෙම පාසල්වලට අවශ්‍ය තරමට, ප්‍රමාණවත් ගුරුවරු සංඛ්‍යාවක් සිටින්නේද;
(iv) ගුරුවරුන් නොපැමිණෙන අවස්ථාවලදී මෙම පාසල්වල ශිෂ්‍යයන් ඵලදායී කාර්යයන්හි නිරත වීම තහවුරු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඇහැලියගොඩ අධ්‍යාපන කලාපයේ,
(i) ප්‍රමාණවත් ගුරු සංඛ්‍යාවක් නොමැති විශාල පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) විද්‍යාව හෝ ගණිතය හෝ ඉංග්‍රීසි විෂයයන් සඳහා ප්‍රමාණවත් ගුරුවරු සංඛ්‍යාවක් නොමැති විශාල පාසල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) ග්‍රාමීය ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් ගුරුවරුන් ලබා දීම තහවුරු කිරීම සඳහා පාසල් සහ ගුරු සේවක සංඛ්‍යාව ප්‍රතිසංවිධානය තුළින් කාර්යක්‍ෂම කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ සඳහා නිර්ණායක සකසන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-06-09
අසන ලද්දේ
ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks