පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4573/’13
ගරු අනුර දිසානායක මහතා,— සමාජසේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකාවේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් වාර්ෂිකව අවශ්‍යවන දියර කිරි ප්‍රමාණය කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් වෙනුවෙන් අය කරනු ලබන මුදල කොපමණද;
(ii) එම මුදල, ආනයනික කිරිපිටි දේශීය වෙළඳපොළේ අලෙවි කරනු ලබන මිලෙහි ප්‍රතිශතයක් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-30
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජසේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ශ්‍රී ලංකාවේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් වාර්ෂිකව අවශ්‍ය වන දියර කිරි ප්‍රමාණය ලීටර් මිලියන හත්සියඅසූපහකි. (785)
(ආ) (i) ආනයනික කිරි පිටි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 135ක මුදලක් බදු වශයෙන් අය කෙරේ.
(ii) ආනයනික කිරි පිටි කිලෝග්‍රෑම් එකක් සඳහා අය කරනු ලබන බදු ප්‍රමාණය ආනයනික කිරි පිටි දේශීය වෙළෙඳ පොළේ අළෙවි කරනු ලබන මිලෙන් සියයට 16.67කි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks