පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4468/’13
ගරු අනුර දිසානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010, 2011 හා 2012 යන වර්ෂවලදී එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය Cranford Johnson Robinson Wood නමැති සමාගම සමග ගනුදෙනු කර තිබේද;
(ii) එසේ නම්, එම ගනුදෙනු සිදුවී ඇති දින වකවානු කවරේද;
(iii) එම ගනුදෙනු තුළින් ඉටු කර ගෙන ඇති කාර්යය හෝ කාර්යයන් කවරේද;
(iv) එමගින් ලැබී ඇති ප්‍රයෝජන කවරේද;
(v) එම කටයුතු වෙනුවෙන් කරන ලද ගෙවීම්වල වටිනාකම කොපමණද;
(vi) ඒ සඳහා මුදල් වෙන් කරනු ලැබූ වැය ශීර්ෂය කවරේද;
(vii) එම සමාගම සමග ගිවිසුම්වලට එළැඹ ඇත්නම්, එම ගිවිසුම් සභාගත කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-03
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්, 2010 වසරේදී ගනු දෙනු කර තිබේ.
(ii) 2010 පමණි.
(iii) Cranford Johnson Robinson Wood සමාගමට අනුව, ඔවුහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මාධ්‍ය කටයුතු සිදු කර තිබේ.
(iv) Cranford Johnson Robinson Wood සමාගමට අනුව ඔවුහු එක්සත් ජනපදයේ පුවත් පත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැඩි දියුණු කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබේ.
නමුත් ඇත්තවශයෙන්ම කිව්වොත්, මෙවැනි කාර්යභාරයක් කරන්න තානාපති කාර්යාලයේ සුදුසුකම්, පහසුකම් තිබියදී තමයි මේ සමාගමට මේ කටයුත්ත භාර දීලා තිබෙන්නේ.
(v) ශ්‍රී ලංකා රුපියල් 5,172,750.00 යි. (පණස්එක් ලක්ෂ හැත්තෑදෙදහස් හත්සියපණහක්)
(vi) 112-02-03-1405(04) යන වැය ශිර්ෂය යටතේ.
(vii) ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එවැනි කිසිම ගිවිසුමකට එළැඹ නැත.
ගිවිසුමක් අත්සන් නොකර මෙම ගෙවීම කර තිබෙන බව තමයි අපට පෙනෙන්නේ.
(ආ) Cranford Johnson Robinson Wood වෙළෙඳ සමාගම විසින් දූත මණ්ඩලය වෙත යෝජනාවක් යවන ලද අතර, එය පදනම් කර ගෙන අත්තිකාරම් ගෙවීමක් සිදු කර ඇත.
පිළිතුරු දුන් දිනය
2015-02-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මංගල සමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks