බලන්න

04

E   |     |  

 දිනය: 2014-05-09   පිළිතුර ලබා දී ඇත 

4414/2014: කුරුණෑගල නගරයට පානීය ජල පහසුකම් : පියවර

4414/’13

 

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)       කුරුණෑගල නගරවාසීන් තම පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින බව දන්නේද;

(ii) එසේ නම්, එම දුෂ්කරතාවයන් මඟහරවා ගැනීම සඳහා කඩිනමින් ගතහැකි  ක්‍රියාමාර්ග හඳුනාගෙන තිබේද;

(iii) එම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ගතවන කාලය කොපමණද;

(iv) කුරුණෑගල නගරවාසීන්ට පානීය ජලය සැපයීම සඳහා යොදාගත හැකි බවට  හඳුනාගෙන ඇති ජල මූලාශ්‍රයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

 

 

අසන ලද දිනය

2014-05-09

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

                        කුරුණෑගල නගරය හා තදාසන්න ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම උදෙසා චීන රජයේ ණය ආධාර හා ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් රුපියල් මිලියන 13250ක වියදමින් විසල් කුරුණෑගල ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කර ඇත.  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිලාභීන් 43,000ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් ද,  ප්‍රතිලාභීන් 75,000ත් සඳහා පානීය ජල ද සැපයීමට නියමිතය.

(iii) මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයේ ජූලි මස සිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට 2017 පෙබරවාරි මාසය වන විට අවසන් කිරීම ඉලක්කය වේ.

(iv) මේ සඳහා යොදා ගැනීමට හඳුනා ගෙන ඇති ජල මූලාශ්‍රයන් 04කි.

1. දැදුරු ඔය

2. කුරුණෑගල වැව

3. ටැම්පාන ජල යෝජනා ක්‍රමය

4. වෙන්ඩරු වැව

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks