04

E   |     |  

 දිනය: 2014-03-07   පිළිතුර ලබා දී ඇත 

4278/2014: ශිෂ්‍යාධාර වැඩි කිරීම : විශ්වවිද්‍යාල සිසුන්

4278/’13

 

ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)      2013 වර්ෂයේදී ශිෂ්‍යාධාර (bursary) දීමනා ලැබීමේ හිමිකම ලබා ඇති විශ්වවිද්‍යාල සිසුන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම මාසික ශිෂ්‍යාධාර දීමනාව වර්ෂ අටකට ආසන්න කාලයක් තුළ වැඩිකර නොමැති බවත් සහ වර්තමාන භාණ්ඩ හා සේවා මිල ගණන්වලට සාපේක්ෂව එම මාසික වාරික මුදල විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් පිළිගන්නේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  (i)  වර්තමාන භාණ්ඩ හා සේවා මිල ගණන් සහ ශිෂ්‍යාධාර දීමනාව ඉහළ නොදැමූ වසර 8කට ආසන්න කාල සීමාව සැලකිල්ලට ගෙන මාසික ශිෂ්‍යාධාර දීමනාව අවම වශයෙන් රුපියල් පන්දහසක් (රු. 5000/=) දක්වා වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නේද;

  (ii)  එසේනම්, එම වැඩිකිරීම සිදු කරනු ලබන දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-07

අසන ලද්දේ

ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සිසුන් සංඛ්‍යාව 9275කි.  මීට අමතරව මෙම වර්ෂයේ දී මහපොළ ශිෂ්‍යාධාරය ලබන සිසුන් සංඛ්‍යාව 11300කි.     

              (ii)      ප්‍රමාණවත් නැත. එම දීමනාව වැඩි කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට පියවර ගනිමින් සිටී.

(ආ)         (i)         ඔව්. දැනටමත් මේ පිළිබඳ අවධානය යොමු කර එම දීමනාව වැඩි කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සැකසීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

(ii) නිශ්චිත දිනයක් දැන්ම තීරණය කළ නොහැක.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks