පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4265/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර, ගොඩගම සිට හම්බන්තොට, මත්තල දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බවත්;
(ii) තිහගොඩ, කිරින්ද සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ආසන්නම දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසුම් ස්ථානය ලෙස අපරැක්ක මාර්ගය යෝජනා කර මිනුම් කටයුතු පවා සිදුකර ඇති බවත්;
(iii) යෝජිත අපරැක්ක පිවිසුම් මාර්ගය වෙනස් කර එය කිරින්ද-පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ, වලකන්ද ප්‍රදේශයට ගෙන යාමට සැලසුම් කර ඇති බවත්;
(iv) පිවිසුම් මාර්ගය ඉහත (iii) හි සඳහන් පරිදි වෙනස් කිරීමකට ලක් වුවහොත් වැඩි ජන කොටසකට ප්‍රතිලාභ ලැබීමට ඇති අවස්ථාව අහිමි වන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) එසේ නම්, දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසුම් ස්ථානය ඉහත අ(iii)හි සඳහන් පරිදි වෙනස් නොකිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-11-04
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය, මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම සඳහා කටයුතු කරමින් පවතී. ඒ සඳහා වන ඉඩම් අත්පත් කර ගැනීම්, සැලසුම් සැකසීම හා ඊට අදාළ අධ්‍යයන කටයුතු මේ වන විට සිදු කරමින් පවතී. මාතර - බෙලිඅත්ත කොටස කර ගෙන යනවා. ඉතිරි කොටස පිළිබඳව අපි නැවත සොයා බලනවා.
(ii) අධිවේගී මාර්ගය ඉදි කිරීමට ඉඩම් අත්කර ගැනීමේ කටයුතු සඳහා මැනුම් කටයුතු සිදු කර මායිම් සලකුණු කර ඇත.
(iii) ව්‍යාපෘතිය සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනය සිදු කරන අවස්ථාවේදී අපරැක්ක මෙන්ම දන්දෙනිය ප්‍රදේශයද අන්තර් හුවමාරුව ස්ථානගත කිරීම සඳහා විකල්පයක් ලෙස පරීක්ෂා කරන ලදී. තාක්ෂණික හා පිරිවැය සම්බන්ධ කරුණු හේතුවෙන් අවසානයේ එම අන්තර් හුවමාරුවේ පිහිටීම වලකන්ද වෙත ගෙන යාම සඳහා නිර්දේශ විය. එබැවින් ශක්‍යතා වාර්තාව අනුව අපරැක්ක ස්ථානය අන්තර් හුවමාරුවකට යෝජනා වී නොමැත.
(iv) අන්තර් හුවමාරුව වලකන්ද ප්‍රදේශයේ ස්ථානගත කිරීම සඳහා නිර්දේශ කර තිබුණද අපරැක්ක ප්‍රදේශයේ ජනතාවට අධිවේගී මාර්ගයට පිවිසීමේ පහසුකම් ලබා දීම සඳහා හිඟුරුපත්වල සිට දන්දෙනිය මාර්ගය හා රදම්පල සිට මුරුතගස්පිටිය හරහා කිරින්ද මාර්ගය සංවර්ධනය කර වලකන්ද හුවමාරුව වෙත සම්බන්ධ කිරීමට දැනටමත් යෝජනා කර ඇත.
(ආ) (අ) (iii) සඳහන් කර ඇති අධ්‍යයනයෙහි ප්‍රතිඵල අනුව වලකන්ද අන්තර් හුවමාරුව යෝජනා කර ඇති බැවින්, එය අපරැක්ක ප්‍රදේශයට ගෙන යාමේ අවශ්‍යතාවක් පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks