04

E   |   සි   |  

 திகதி: 2014-11-04   பதிலளிக்கப்பட்டவைகள் 

4265/2014: தெற்கு அதிவேகப் பாதை : நுழைவிடம்

----

கேட்கப்பட்ட திகதி

2014-11-04

கேட்டவர்

கௌரவ புத்திக பத்திறண, பா.உ.

அமைச்சு

நெடுஞ்சாலைகள், உயர் கல்வி மற்றும் முதலீட்டு ஊக்குவிப்பு

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

(අ)          (i)      ඔව්.

                         දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය, මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම සඳහා කටයුතු කරමින් පවතී. ඒ සඳහා වන ඉඩම් අත්පත් කර ගැනීම්, සැලසුම් සැකසීම හා  ඊට අදාළ අධ්‍යයන කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.  මාතර - බෙලිඅත්ත කොටස කර ගෙන යනවා. ඉතිරි කොටස පිළිබඳව අපි නැවත සොයා බලනවා.

(ii) අධිවේගී මාර්ගය ඉදි කිරීමට ඉඩම් අත්කර ගැනීමේ කටයුතු සඳහා මැනුම් කටයුතු සිදු කර මායිම් සලකුණු කර ඇත.

(iii) ව්‍යාපෘතිය සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනය සිදු කරන අවස්ථාවේදී අපරැක්ක මෙන්ම දන්දෙනිය ප්‍රදේශයද අන්තර් හුවමාරුව ස්ථානගත කිරීම සඳහා විකල්පයක් ලෙස පරීක්ෂා කරන ලදී. තාක්ෂණික හා පිරිවැය සම්බන්ධ කරුණු හේතුවෙන් අවසානයේ එම අන්තර් හුවමාරුවේ පිහිටීම වලකන්ද වෙත ගෙන යාම සඳහා නිර්දේශ විය. එබැවින් ශක්‍යතා වාර්තාව අනුව අපරැක්ක ස්ථානය අන්තර් හුවමාරුවකට යෝජනා                   වී නොමැත.

(iv) අන්තර් හුවමාරුව වලකන්ද ප්‍රදේශයේ ස්ථානගත කිරීම සඳහා නිර්දේශ කර තිබුණද අපරැක්ක ප්‍රදේශයේ ජනතාවට අධිවේගී මාර්ගයට පිවිසීමේ පහසුකම් ලබා දීම සඳහා හිඟුරුපත්වල සිට දන්දෙනිය මාර්ගය හා රදම්පල සිට මුරුතගස්පිටිය හරහා කිරින්ද මාර්ගය සංවර්ධනය කර වලකන්ද හුවමාරුව වෙත සම්බන්ධ කිරීමට දැනටමත් යෝජනා කර ඇත.

(ආ) (අ) (iii) සඳහන් කර ඇති අධ්‍යයනයෙහි ප්‍රතිඵල අනුව වලකන්ද අන්තර් හුවමාරුව යෝජනා කර ඇති බැවින්, එය අපරැක්ක ප්‍රදේශයට ගෙන යාමේ අවශ්‍යතාවක් පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

பதில் தேதி

2015-02-19

பதில் அளித்தார்

கௌரவ கயந்த கருணாதிலக்க, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks