පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0056/10
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් අඟුණුකොළපැලැස්ස කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ අධීක්ෂණයට ලක්වන දහඅමුණ සහ හුන්නකුඹුර යන ප්‍රාථමික විද්‍යාල වසර 3 ක කාලයක සිට වසා ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම පාසල් දෙක පවත්වාගෙන යාම සඳහා ඉදිකරන ලද ගොඩනැගිලිවල වර්තමාන තත්ත්වය කවරේද;
(ii) එම පාසල් ඉදිකිරීම් සඳහා වැය කරන ලද මුදලේ වර්තමාන වටිනාකම කොපමණද;
(iii) එම පාසල් ගොඩනැගිලි විනාශයට පත්වුවහොත් එම පාඩුව දරන්නේ කවුරුන් විසින්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මෙම ගොඩනැගිලි වෙනත් කාර්යයක් සඳහා භාවිත කිරීමට එතුමා කටයුතු කරන්නේද;
(ii) එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට නොගන්නේ නම්, වෙනත් ආයතනයන්හි ප්‍රයෝජනය සඳහා ගොඩනැගිලි සහ භූමිය නිදහස් කිරීමට එකඟ වන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද ?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-06-08
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks