පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4161/’13
ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සහ ජනාධිපති උපදේශකවරුන් පත්කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය කවරේද;
(ii) එම තනතුරු සඳහා පත්කිරීමේදී සලකා බලන අවම අධ්‍යාපන සුදුසුකම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-20
අසන ලද්දේ
ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ආර්ථික, සාමාජික, දේශපාලනික, සංස්කෘතික හා කලා ආදී සියලු ක්ෂේත්‍රවලට අදාළ දිවයිනේ ජ්‍යෙෂ්ඨතම විද්වතුන් හා වෘත්තිකයින් ජනාධිපති උපදේශකවරුන් ලෙස පත් කර ගැනීම ප්‍රතිපත්තිය වේ.
(ii) දිවයිනේ ප්‍රමුඛතම හා ජ්‍යෙෂ්ඨතමයන් මෙම තනතුරට පත් කරන බැවින් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සලකා බැලීම අනවශ්‍ය කරුණකි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks