පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0052/’10
ගරු රාජීව විජේසිංහ මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා (UNHCR) විසින් කරන ලද පැවැරුමක් මත “කන්ට්‍රි ඔෆ් ඔරිජින් රිසච් ඇන්ඩ් ඉන්ෆොමේෂන් (CORI)” නම් සංවිධානයක් විසින් 2010 අප්‍රේල් මාසය තුළ දී ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවට අදාළ වාර්තාවක් ගැන එතුමා දන්නෙහිද?
(ආ) (i) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් එවැනි රටවල් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් දැනුවත්කිරීම සහ එම වාර්තාවල අඩංගු කරුණු සඳහා දායකත්වය සැපැයීමට එම රටවල් වලට හැකිවීම සහතික කිරීම පිණිස පවතින යාන්ත්‍රණයන් කවරේද;
(ii) මෙම පවරන ලද කාර්යය සඳහා “කන්ට්‍රි ඔෆ් ඔරිජින් රිසච් ඇන්ඩ් ඉන්ෆොමේෂන් (CORI)” යන සංවිධානය තෝරා ගත් ක්‍රමය පිළිබඳ විස්තරයක්, පර්යේෂණය සඳහා සහභාගී වූ සේවක මඩුල්ල සහ ඒ සඳහා යොදාගත් පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ තොරතුරු සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා (UNHCR) වෙතින් ලබා ගැනීමට එතුමාට හැකියාව තිබේද;
(iii) මෙම කාර්යය සඳහා වැයවන වියදම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) වාර්තාවේ කිසියම් සාවද්‍ය කරුණු ඇත්නම්, ඒවා නිවැරදි කරන බව සහතික කිරීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-06-08
අසන ලද්දේ
ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks