පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4087/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා කාර්යාලයක් පවත්වාගෙන යනු ලබන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එසේ නම්, එම කාර්යාලයේ සේවය කරනු ලබන කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ නම්, ලිපිනයන්, තනතුරු සහ ඔවුන්ගේ අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් කවරේද;
(ii) එම කාර්යාලය ආරම්භ කළ දින සිට මේ දක්වා එකී කාර්ය මණ්ඩලය සඳහා ගෙවන ලද දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ව්‍යාපෘතියේ උපදේශක කාර්යයන් පවරා ඇති ආයතනයේ නම කවරේද;
(ii) එම ව්‍යාපෘතිය වෙනුවෙන් පරිගණක දෘඪාංග මිලදී ගැනීමට මේ දක්වා වැය කර ඇති මුදල කොපමණද;
(iii) එම ව්‍යාපෘතියේ මෘදුකාංග සකස් කිරීමේ කටයුතු භාර දී ඇති ආයතනය කවරේද;
(iv) මේ දක්වා මෘදුකාංග සකස් කිරීම වෙනුවෙන් එම ආයතනයට ගෙවා ඇති මුළු මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-31
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) සහ (ii)ට අදාළ පිළිතුරු සභාගත* කරමි.
(ඇ) (i) මොරටුව විශ්වවිද්‍යාලය.
(ii) රුපියල් මිලියන 311කි.
(iii) මොරටුව විශ්වවිද්‍යාලය.
(iv) රුපියල් මිලියන 39.2කි.
(ඈ) අදාළ නොවේ.
* සභාමේසය මත තබන ලද (ආ) (i) සහ (ii)ට පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer to (b)(i) and (ii) tabled:
(ආ) (i) 2014.09.30 දිනට එම කාර්යාලයේ සේවය කරනු ලබන කාර්ය මණ්ඩලය
|
නම |
ලිපිනය |
තනතුර |
අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් |
|
කේ.ඒ.එස්. සේනාධීර මයා |
තැපැල් දෙපාර්තමේන්තුව, තැපැල් මූලස්ථාන ගොඩනැඟිල්ල, අංක: 310, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10. |
ව්‍යාපෘති අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය තැපැල්පති, තැපැල් දෙපාර්තමේන්තුව. |
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව (විශේෂ) උපාධිය. ශ්‍රී ලංකා තැපැල් සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකි. |
|
ආර්.එල්.එස්. රාජපක්ෂ මයා |
තැපැල් සේවා අමාත්‍යාංශය, තැපැල් මූලස්ථාන ගොඩනැඟිල්ල, අංක: 310, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10. |
ව්‍යාපෘති මූල්‍ය කළමනාකරු සහ ප්‍රධාන ගණකාධිකාරි, තැපැල් සේවා අමාත්‍යාංශය. |
ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකි. |
|
එස්.ඩී. පනාගොඩ මිය |
තැපැල් සේවා අමාත්‍යාංශය, තැපැල් මූලස්ථාන ගොඩනැඟිල්ල, අංක: 310, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10. |
ව්‍යාපෘති නිලධාරි සහ සංවර්ධන සහකාර, තැපැල් සේවා අමාත්‍යාංශය. |
කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විද්‍යාවේදී විශේෂ (ගිණුම්කරණ) උපාධිය. |
|
ආර්.ඩී.පී.ඩී. රණවක මයා |
තැපැල් සේවා අමාත්‍යාංශය, තැපැල් මූලස්ථාන ගොඩනැඟිල්ල, අංක: 310, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10. |
ව්‍යාපෘතියේ කාර්යාල සහයක. |
උසස් පෙළ සමත්. |
(ii)
|
නිලධාරියාගේ නම |
2008.01.01 දින සිට මේ දක්වා ගෙවන ලද දීමනා (2014.09.30 දක්වා) |
|
කේ.ඒ.එස්. සේනාධීර මයා |
1,014,904.99 |
|
ආර්.එල්.එස්. රාජපක්ෂ මයා |
419,301.07 |
|
සී.එස්. වික්‍රමාරච්චි |
311,666.64 |
|
එච්.එම්.එම්.එස්.බී. හේරත් මයා |
642,675.14 |
|
ඩබ්ලිව්.එච්.සී. පුෂ්පරාණි මිය |
86,055.55 |
|
ඩබ්ලිව්.ඊ.එම්.ආර්.ඩී. ඒකනායක මිය |
396,918.69 |
|
එස්.ඩී. පනාගොඩ මිය |
16,666.66 |
|
ඒ.කේ. ආසිරි අසන්ත මයා |
202,380.00 |
|
එන්.එච්. ශානිකා ඉෂානි මිය |
876,597.83 |
|
එච්.එම්. දිලූපා හේෂානි මිය |
711,035.08 |
|
කේ.කේ. ශානක උෂංක මයා |
166,216.93 |
|
එම්.කේ.ඒ.ඒ. රත්නායක මිය |
205,621.16 |
|
අයි.එල්. ඉනිමංකඩ මිය |
401,888.78 |
|
ඕ. පද්මසිරි මයා |
289,265.63 |
|
චලනි රේඛා මිය |
86,746.91 |
|
ජී.ඩී.සී.ආර්. දයාරත්න මිය |
2,268.32 |
|
එම්.බී.සී. ලක්මාල් මයා |
58,000.00 |
|
ආර්.ඩී.පී. රණවක මයා |
226,069.58 |
පිළිතුරු දුන් දිනය
2015-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks