04

E   |     |  

 දිනය: 2013-10-09   පිළිතුර ලබා දී ඇත 

3916/2013: ශ්‍රී ලංකා යුද හමුදාව කුලී පදනම මත ලබා ගත් වාහන : ගෙවූ මුදල

3916/’13

 

ගරු තලතා අතුකෝරල මහත්මිය,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2006 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහා කුලී පදනම මත ලබා ගෙන ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම එක් එක් වාහනය සඳහා ගෙවන ලද මුදල කොපමණද;

(iii) කුලී පදනම මත ලබාගත් වාහන සඳහා 2006 වර්ෂයේ සිට 2012 දක්වා වාර්ෂිකව ගෙවා ඇති සම්පූර්ණ මුදල කොපමණද;

(iv) ඉහත කාල සීමාව තුළ කුලී පදනම මත ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවයට යොදා ගෙන ඇති වාහනවල ලියාපදිංචි අයිතිකරුවන් කවුරුන්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-09

අසන ලද්දේ

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு  தினேஷ் குணவர்தன)

(The Hon. Dinesh Gunawardena)

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      යුද හමුදා නියෝගයන්ට අනුව වසර 5ක කාල සීමාවක් ඉක්මවා ඇති ලිපි ලේඛන විනාශ කිරීම හේතුවෙන් 2009 සිට 2013 දක්වා කාල සීමාවට අදාළ විස්තර ඉදිරිපත් කර ඇත.

වාහන සංඛ්‍යාව 10,822කි. (දහදහස් අටසිය විසිදෙකකි.)

(ii) 

වාහන වර්ගය

2009 වර්ෂය (දිනකට ගෙවන

මුදල   රු.)

2010 - 2013 වර්ෂ (දිනකට ගෙවන මුදල)

මාණ්ඩලික රථ

1290.00

1450.00

සැහැල්ලු වාහනයක් සඳහා

1225.00

1650.00

 

වාහන වර්ගය

2009 වර්ෂය (දිනකට ගෙවන

මුදල   රු.)

2010 - 2013 වර්ෂ (දිනකට ගෙවන මුදල)

බර වාහනයක් සඳහා

2100.00

2750.00

බස් රථයක් සඳහා

2700.00

3800.00

ට්‍රැක්ටර් රථයක් සඳහා

2050.00

2000.00

ජල බවුසරයක් සඳහා

2800.00

4700.00

තුන් රෝද රථයක් සඳහා

   -

 425.00

ට්‍රැක්ටර් ජල බවුසරයක් සඳහා

   -

2000.00

(iii) 2006 වර්ෂයේ සිට 2012 දක්වා වාර්ෂිකව ගෙවා ඇති සම්පූර්ණ මුදල රු.8,246,750,983,95 (මිලියන අටදහස් දෙසිය හතළිස් හයයි දශම  හතයි.)

(iv) වාහනවල ලියා පදිංචි අයිතිකරුවන්ගේ අනුමත කාල   සීමාවෙන් අනතුරුව වරින්වර වෙනස් වන බැවින් නිශ්චිතව ඔවුන්ගේ නාම ලේඛනයන් ඉදිරිපත් කිරීම අපහසුය. 

  (ආ)   පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks