පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3866/’13
ගරු මනුෂ නානායක්කාර මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පොල් වගාවට හානි කරන මයිටා උවදුර සම්පූර්ණයෙන් නැති කිරීම සඳහා හෝ අවම කිරීම සඳහා අමාත්‍යාංශය මගින් දැනටමත් ගෙන ඇති පියවර කවරේද;
(ii) එම ක්‍රියාමාර්ග තුළින් යහපත් ප්‍රතිඵල ලැබී තිබේද;
(iii) එම ක්‍රියාමාර්ග අසාර්ථක නම්, ඉදිරියේදී ගැනීමට යෝජිත ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-09-04
අසන ලද්දේ
ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඒ.පී. ජගත් පුෂ්පකුමාර මහතා (පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමා)
(மாண்புமிகு ஏ.பீ. ஜகத் புஷ்பகுமார - தெங்கு அபிவிருத்தி, மக்கள் தோட்ட அபிவிருத்தி அமைச்சர்)
(The Hon. A.P. Jagath Pushpakumara - Minister of Coconut Development and Janata Estate Development)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මයිටා උවදුර සම්පූර්ණයෙන්ම නැති කළ නොහැකි අතර, කළ හැකි වන්නේ උවදුර අවම කිරීම සඳහා ක්‍රියා මාර්ග ගැනීමයි. එම ක්‍රියා මාර්ග පහත දක්වා ඇත.
* පොල් වගාවට හානි කරන මයිටාවා විනාශ කරන විලෝපිත මයිටාවන් බෝකර උවදුරු සහිත ගස්වලට මුදා හැරීම. ( මේ සඳහා මයිටා අභිජනන විද්‍යාගාර 11ක් ස්ථාපිත කර ඇත.)
* මාගෝසා මිශ්‍රණය ඉසීම.
* ගෙන්දගම් ඉසීම.
* 30%ක් දැවි තෙල් මිශ්‍රණය ආලේප කිරීම.
* 20% පාම් තෙල් ගෙන්දගම් මිශ්‍රණය වසරකට තුන්වරක් ඉසීම.
(ii) ඔව්.
(iii) අසාර්ථක නැත.
නමුත් විලෝපිත මයිටාවා මුදා හරින අක්කර ප්‍රමාණය වැඩි කිරීම සඳහා නව විද්‍යාගාර කිහිපයක්ම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
(ආ) ඉහත පිළිතුර අනුව පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-09-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජගත් පුෂ්පකුමාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks