01

E   |     |  

 දිනය: 2013-08-21   පිළිතුර ලබා දී ඇත 

3858/2013: පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති ආයතන : ඉටු කළ සේවා

3858/’13

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාල සීමාව තුළ,

              (i)      වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්;

            (ii)      මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඉටු කරන ලද සේවාවන්;

(iii) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් කළ සේවාවන්;

(iv) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් ගත් ක්‍රියාමාර්ගයන්;

(v) මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය මගින් ඉටුකළ මහජන සේවාවන්;

කවරේද යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-21

අසන ලද්දේ

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා (පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා)

(மாண்புமிகு ஏ.டி. சுசில் பிரேமஜயந்த - சுற்றாடல், புதுப்பிக்கத்தக்க சக்தி அமைச்சர்)

(The Hon. A.D. Susil Premajayantha - Minister of Environment and Renewable Energy)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලසීමාව තුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් ඇමුණුම 1 හි දැක්වේ.

(ii) 2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාල සීමාව තුළ මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ඉටු කරන ලද සේවාවන් ඇමුණුම II හි දැක්වේ.

(iii) 2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාල සීමාව තුළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් කළ සේවාවන් ඇමුණුම III හි දැක්වේ.

(iv) 2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාල සීමාව තුළ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් ගත් ක්‍රියාමාර්ගයන් ඇමුණුම IV හි දැක්වේ.

(v) 2005 වර්ෂයේ සිට මේ දක්වා වූ කාල සීමාව තුළ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය මඟින් ඉටු කළ මහජන සේවාවන් ඇමුණුම v හි දැක්වේ.

ඇමුණුම් සභාගත* කරමි.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks