04

E   |     |  

 දිනය: 2013-11-25   පිළිතුර ලබා දී ඇත 

3735/2013: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: ප්‍රධාන විධායක තනතුර

3735/’13

 

ගරු අනුර දිසානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      2012 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන විධායක තනතුරට බඳවා ගැනීම පිණිස පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට අදාළව පුවත්පත් දැන්වීමක් පළ කරනු ලැබුවේද;

  (ii)  එම තනතුර සඳහා බඳවා ගැනීමට අදාළව ඉල්ලුම්පත් කැඳවා තිබේද;

  (iii)  එසේ නම්, ඒ අනුව  ඉල්ලුම් පත් ඉදිරිපත් කරනු ලැබූ අය කවුරුන්ද;

  (iv)  ඉහත සඳහන් කැඳවීම් අනුව, තෝරා ගන්නා ලද පුද්ගලයින් සේවයට බඳවා නොගැනීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වර්තමාන කළමනාකරණ අධ්‍යක්ෂවරයාගේ නම කවරේද;

  (ii)  ඔහුගේ සුදුසුකම් කවරේද;

  (iii)  ඔහු සේවයට බඳවා ගත් දිනය කවරේද;

  (iv)  ඔහුගේ වැටුප් තල කවරේද;

යන්නත් වෙන් වෙන් වශයෙන් එතුමා  සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-25

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)     

අනු අංකය

                         නම

     01

ආර්.පී.එන්. දිසානායක මයා

     02

‍‍කේ.ඩබ්.එම්.එස්. කීර්තිරත්න මයා

     03

එන්.ජී.ජී. හර්ෂ විජේරත්න මයා

     04

අසන්ත සුමනරත්න මයා

     05

කේ.එස්.එම්. ප්‍රනාන්දු මයා

     06

පී.ඩී.සී.ටී. කන්නන්ගර මයා

     07

පී.ආර්.එම්. තිලකරත්න මයා

     08

ආර්.එස්.ඒ. ගුණරත්න මයා

     09

ඩී.එම්.එන්. ඒ. දිසානායක මයා

     10

ශිරාන් ජී. ඩයස් මයා

     11

එච්.එම්. කුලතුංග මයා

     12

එල්.ඊ.එස්.සිල්වා මයා

     13

බී. රඹුක්වැල්ල මයා

 

(iv) 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත අනුව එම  සංස්ථාවේ ප්‍රධාන  විධායක තනතුරක්  නොමැති බැවින් එම තනතුරට බඳවා ගැනීමේ ඉදිරි කටයුතු  කර ගෙන යෑමට නොහැකි විය. එහෙත්, එම පනත අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් පත් කළ හැකි බැවින් ඒ අනුව පසුව කටයුතු කරන ලදි.

(ආ) (i) එල්.ඊ.එස්. සිල්වා මයා.

(ii) ඔහුගේ සුදුසුකම්:

* වාණිජවේදී විශේෂ දෙවන පන්තිය ඉහළ පෙළ සාමාර්ථය.

* ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ අධිසාමාජිකත්වය.

* සහතික ලත්  කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ අධිසාමාජිකත්වය.

* සහතික ලත් වෘත්තිය කළමනාකාරික්ව ආයතනයේ අධිසාමාජිකත්වය.

* මීට අමතරව පශ්චාත් උපාධි ඩිප්ලෝමා හා වෙනත් සුදුසුකම් ගණනාවක් පවතී.

(iii) 2012 ජූනි මස 01  දා සිට.

(iv) රු. 520,000.00

(ඈ) පැන නොනගී.

පිළිතුරු දුන් දිනය

2013-11-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks