04

E   |     |  

 දිනය: 2010-05-19   පිළිතුර ලබා දී ඇත 

0011/2010: Maganaguma Project

0011/’10

ගරු රවී කරුණානායක මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මහින්ද චින්තන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ ස්ථාපනය කර ඇති “මග නැගුම” ව්‍යාපෘතිය මගින් 2008 වර්ෂයේ සි‍ට මේ දක්වා ඉදිකර ඇති මාර්ග සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම එක් එක් මාර්ගය සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;

(iii) එකී ඇස්තමේන්තුගත මුදලින් මේ දක්වා වැයකර ඇති මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කර ඇති මහාමාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම යටතේ ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

(ii) එම සමාගම යටතේ දිවයින පුරා විවෘත කර ඇති කාර්යාල  සහ රථවාහන අංගන සංඛ්‍යාව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-05-19

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks