01

E   |     |  

 දිනය: 2013-08-22   පිළිතුර ලබා දී ඇත 

3583/2013: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් : වැටුප් වැඩි වීම

3583/’13

ගරු සුජීව සේනසිංහ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)     ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ අවම මූලික වැටුප් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)        (i)      2012.03.16 දින සිට ශ්‍රි ලංගම සේවකයින්ගේ මූලික වැටුප 39%කින් වැඩි කිරීමට තීරණය කළ බව පිළිගන්නේද;

(ii) එම වැටුප් වැඩි වීම ලබාදීමට මේ වන විට පියවර ගෙන තිබේද;

(iii) එසේ නොමැති නම්, හිඟ වැටුප් සමග එම වැටුප් වැඩිවීම ලබාදීමට පියවර ගන්නා දිනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-22

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කුමාර වෙල්ගම මහතා

(மாண்புமிகு குமார வெல்கம)

(The Hon.  Kumara Welgama)

ජොනී ඇවිල්ලා අපේ කැබිනට් ඇමතිතුමෙක් නේ. එතුමාට ආයේ එන්න දෙයක් නැහැ. එතුමා ඇවිත් ඉවරයි. එතුමාට අපේ අතිගරු ජනාධිපතිතුමා හොඳ‍‍ට සැලකුවා. විපක්ෂ නායකතුමා නම් අපේ දයාසිරි මන්ත්‍රීතුමාට සැලකුවේ නැහැ. නමුත් අපේ අතිගරු ජනාධිපතිතුමා ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාට හොඳට සැලකුවා. [බාධා කිරීමක්] ‍ ඒවා හොඳට කර තිබෙනවා. ඉතින් විපක්ෂ නායකතුමාට ඒ කාර්ය භාරය ගන්න බැරි වුණේ ඇයි? ඒක නේ, මම කියන්නේ. [බාධා කිරීමක්] පරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙනවා. අලුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන අයත් ඉන්නවා. එතුමන්ලා ආවාට පක්ෂයේ ඉන්න පරණ අයට හානියක් වන්නේ නැහැ. මම පරණ මිනිහෙක් නේ. ඒ නිසා මම දන්නවා ඒ අයට හානියක් වන්නේ නැති බව.  එතුමන්ලාගේ ඒ දක්ෂකම් විපක්ෂ නායකතුමා ප්‍රයෝජනයට ගත්තේ නැහැ. අන්න ඒකයි වුණේ. ඒකයි මම කියන්නේ. ඒ දක්ෂකම් අපේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රයෝජනයට ගත්තා. ඒකට මොනවා කරන්නද?

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ) ඔව්.

    අවම මූලික වැටුප රුපියල් 11,730.00

(ආ) (i) 2012.03.01 දින සිට ශ්‍රී ලංගම සේවකයින්ගේ මූලික වැටුප 39.14%කින් වැඩි කරන ලදී.

       (ii) ඔව්.

  2012.03.01වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීම් කරනු ලැබේ.

      (iii) ඉහත (ආ)හි (ii) පරිදි වේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2013-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks