බලන්න

04

E   |     |  

 දිනය: 2013-08-08   පිළිතුර ලබා දී ඇත 

3580/2013: ශ්‍රීලංගම සේවා ස්ථාන සේවකයින් : අර්ථ සාධක අරමුදල්

3580/’13

ගරු සුජීව සේනසිංහ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ පාලනය වන සේවා ස්ථානවල සේවකයින්ට හිමි අර්ථ සාධක අරමුදල් 2010 වර්ෂයේ සිට බැංකුගත කර නොමැති බවත්;

    (ii) අර්ථ සාධක අරමුදල් බැංකු ගත නොකිරීම නිසා 2010 වර්ෂයේ සිට විශ්‍රාම යන ශ්‍රී ලංගම සේවකයින්ට අර්ථ සාධක අරමුදල් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා ඉහත ආයතනයේ සේවා ස්ථානවලට අර්ථ සාධක අරමුදල් ලෙස  බැංකුගත කිරීමට ඇති මුළු මුදල කොපමණද;

(ii) මෙම අර්ථසාධක අරමුදල් බැංකුගත කිරීමට කටයුතු කරන දිනය  කවරේද;

(iii) මෙම මුදල් නියමිත දිනට බැංකු ගත නොකිරීම නිසා අධිභාරය වශයෙන් ගෙවිය යුතු මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-08

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කුමාර වෙල්ගම මහතා

(மாண்புமிகு குமார வெல்கம)

(The Hon.  Kumara Welgama)

(අ)          (i)        බැංකුගත කර නොමැත.

              (ii)       ඔව්.

(ආ)         (i)      රුපියල් මිලියන 3,748යි.

              (ii)      මහා භාණ්ඩාගාරය මඟින් 2010 වර්ෂයේ සිට ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල සහ ප්‍රාදේශීය වැඩපලවල ආදායම් නොඉපවන ඒකකයන්හි වැටුප් ගෙවීම සඳහා දෙනු ලැබූ මුදල් රුපියල් මිලියන 3,161 නතර කිරීම නිසා එම සේවකයින්ගේ වැටුප් ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනෙකුත් ඩිපෝවන්හි ආදායම් මගින් ගෙවීම නිසා මෙම අර්ථසාධක මුදල් ගෙවීමට නොහැකි වී ඇත.

මහා භාණ්ඩාගාරය වෙත ලිඛිතව මේ මුදල් සම්බන්ධව දන්වා ඇති අතර 2014 අයවැය ඇස්තමේන්තුව පිළියෙල කිරීමේදී මෙම මුදල් මහා භාණ්ඩාගාරය ‍මඟින් ඉල්ලුම් කොට ඇත. එලෙස මුදල් ලැබූ විගසම බැංකුගත කිරීමට කටයුතු යොදනු ඇත.

  (iii)   රු.මිලියන 964.4කි.

(ඇ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks