පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3515/’13
ගරු වසන්ත අලුවිහාරේ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඝන අපද්‍රව්‍ය කළමනාකරණ හෝ පිලිසරු ව්‍යාපෘතියක් වෙනුවෙන් පළාත් පාලන ආයතනයකට ලැබෙන මුදල් වැය කිරීමට අදාළ නීත්‍යානුකූල ක්‍රම වේදය;
(ii) එම ක්‍රමවේදයට පරිබාහිරව මුදල් වැයකොට අක්‍රමිකතාවයක් සිදු කොට ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග;
කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මාතලේ මහනගර සභාවට සුන්යා (SUNYA) නම් ව්‍යාපෘතියක් යටතේ කසළ කළමනාකරණය වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී තිබේද;
(ii) එසේ නම්, එම ව්‍යාපෘතිය යටතේ මුදල් ලබා දුන් දිනයන් කවරේද;
(iii) එමගින් ලබා දී ඇති මුදල කොපමණද;
(iv) එම ව්‍යාපෘතිය ආරම්භකිරීමට හා අවසන්කිරීමට යෝජිතව තිබූ දිනයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) කසළ කළමනාකරණ ව්‍යාපෘතියේ මුදල යෝජිත කාර්යය සඳහා යොදාගෙන තිබේද;
(ii) මේ වන විට ව්‍යාපෘතියේ ප්‍රගතිය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-12
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව අවශ්‍ය භාණ්ඩ හෝ සේවා සැපයීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගනු ලබන අතර, ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීම හා සේවා සැපයීම කරනු ලැබේ. එසේ මිලදී ගැනීම් හෝ සේවා සැපයීම් කිරීමෙන් අනතුරුව එම කාර්යයන් සඳහා අදාළ පරිදි තාක්ෂණික නිලධාරින් හෝ වැඩ අධිකාරින් විසින් පරීක්ෂා කර නිර්දේශ කිරීමෙන් අනතුරුව ගෙවීම් අනුමැතිය ලබා ගැනීම සඳහා සභාවට ඉදිරිපත් කෙරේ. එසේ සභා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ඒ ඒ සභාව විසින් නීත්‍යනුකූලව බලය බෙදා හැර ඇති ආකාරයට නියමිත නිලධාරියකු විසින් ගෙවීම් සහතික කර ගෙවීම් කරනු ලැබේ.
(ii) ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි සහ අදාළ චක්‍රලේඛවල දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව ඒ සඳහා පියවර ගනු ලැබේ.
(ආ) (i) ඔව්. ව්‍යාපෘතිය සම්බන්ධ පසුබිම් වාර්තාව හා සැලැස්ම ඇමුණුම් 01න් ඉදිරිපත් කර ඇත.
(ii) 2012 අප්‍රේල් මස 02
(iii) රුපියල් 2,526,255.04
(iv) ආරම්භ කිරීමට යෝජිතව තිබූ දිනය : 2012 ජනවාරි මස 30. අවසන් කිරීමට යෝජිත දිනය : 2014 දෙසැම්බර් මස 31.
(ඇ) (i) එම මුදල කසළ කළමනාකරණය සඳහා යොදවා ඇත. මුදල් වැය කර ඇති ආකාරය ඇමුණුම 02 මඟින් දක්වා ඇත.
(ii) ව්‍යාපෘතියේ ප්‍රගතිය ඇමුණුම් 03 මඟින් මේ සමඟ ඉදිරිපත් කර ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks