පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3435/’13
ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) සෞදි අරාබියේ රියාද්හි ගෘහ සේවිකාවක වශයෙන් සේවය කර මෙරටට පැමිණි කොම්පඤ්ඤවීදියේ අන්වර් ෂියානා මහත්මිය විසින් හෙළි කරන ලද තොරතුරු අනුව එරටේ සිරකර තබාගෙන සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 50ක් පමණ ගණිකා වෘත්තියෙහි යොදවමින් සිටින බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එසේ නම්, ඒ පිළිබඳව සෙවීමට ගෙන ඇති පියවර කවරේද;
(ii) එම පිරිස මුදවා ගෙන වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත සඳහන් ගෘහ සේවිකාවන් පිරිස අතරමං කිරීමට ක්‍රියාකළ විදේශ සේවා නියෝජිත ඒජන්සිකරුවන්ට හා එයට මැදිහත් වූ අනෙකුත් අයට එරෙහිව ගත් ක්‍රියාමාර්ග කවරේද;
(ii) එම කාන්තාවන්ගේ පවුල්වල ආරක්ෂාව, සුබ සාධනය සහ ආර්ථිකය නංවාලීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-05-21
අසන ලද්දේ
ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්. මෙවැනි සිද්ධියක් දේශීය මාධ්‍ය මඟින් වාර්තා කර ඇත.
(ආ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් මේ පිළිබඳ මාධ්‍ය හරහා දුන් තොරතුරු අනුව කොම්පඤ්ඤවීදියේ අන්වර් ෂියානා මහත්මිය කැඳවා ඇයගෙන් වැඩිදුර තොරතුරු ලබා ගන්නා ලදී.
(ii) ඒ අනුව සවුදි බලධාරීන්ගේ සහාය ලබා ගෙන එම ස්ථානය වැටලීමට කටයුතු කිරීම සඳහා රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව තානාපති කාර්යාල නිලධාරින් අදාළ ප්‍රදේශයට ගොස් දින 03ක් (2013 මාර්තු 6,7 සහ 8) එහි නැවතී ශ්‍රී ලාංකික සේවිකාවකගේ (අන්වර් ශියානා මහත්මියගේ ඥාතියකු වන නූරා අශික් ජවූෆර් මිය) සහාය ලබා ගෙන එම ස්ථානය වටලා ඇත. ඔවුන් එම ස්ථානය වටලන විට කිසිම රැඳවියෙක් එහි සිට නැත.
(ඇ) (i) එවැනි ගෘහ සේවිකාවන් කණ්ඩායමක් එහි රැඳී නොසිටි තත්ත්වයක් තුළ මෙම ප්‍රශ්නය මඟින් අසනු ලබන ගැටලුවද පැන නොනඟී.
(ii) ගරු මන්ත්‍රීතුමා කියන ආකාරයේ වෘත්තියෙහි යෙදුණු කට්ටියක් ඒ ස්ථානයෙන් හසු වුණේ නැති වුවත් සාමාන්‍යයෙන් ගෘහ සේවිකාවන් විදේශගත වුණාට පසුව විදේශගත පවුල්හි ආරක්ෂාව, සුභසාධනය හා ආර්ථිකය නංවාලීම උදෙසා කාර්යාංශය මඟින් සේවක සුභසාධන අරමුදලක් පිහිටුවා ඇති අතර විවිධ අවස්ථාවන්හිදී එම අරමුදලින් විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත මෙන්ම ශ්‍රමිකයා වෙත ප්‍රතිදාන ලබා දෙනු ලබයි. විශේෂයෙන්ම ශ්‍රමිකයෙකු මරණයට පත් වුණොත් ලියා පදිංචි වූ කාලය තුළ නම් රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබා දෙනවා.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-10-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks