01

E   |     |  

 දිනය: 2013-12-14   පිළිතුර ලබා දී ඇත 

3427/2013: ජල ගැලීම් නිසා හානියට පත් වගාවන් : වන්දි

3427/’13

 

ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       ජල ගැලීම් නිසා හානියට පත් එළවළු, පලතුරු හා ධාන්‍ය වගාවන් වෙනුවෙන් ඒවා වගා කළ ගොවීන්ට ආධාර ලබා දෙන්නේද;

             (ii)       එසේ නම්, අක්කරයක් සඳහා ලබා දෙන වන්දි මුදල කොපමණද;

(iii) එසේ වන්දි ගෙවීමක් සිදු නොකරන්නේ නම්, එම ගොවීන්ට ලබා දෙන සහන කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-12-14

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් වී වගාවට පමණක් 2011 වසරේදී සහනාධාර ලබා දී ඇති  අතර, එළවලු, පලතුරු හා ධාන්‍ය වගාවන් වෙනුවෙන් ගොවීන්ට ආධාර ලබා දී නැත.

               (ii)      කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ජල ගැලීම් නිසා හානියට පත් වගාවන් වෙනුවෙන් වන්දි මුදල් ලබා නොදෙන අතර, වගා විනාශ වූ ඉඩම් ප්‍රමාණයට සරිලන පරිදි අවශ්‍ය බිත්තර වී පමණක් ලබා දෙයි.

(iii) ශ්‍රී ලංකාවේ ජල ගැලීම් නිසා වාර්ෂිකව වගාවන්ට සිදු වන හානිය සදහා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු නොකෙරේ. නමුත් පොහොර සහනාධාරය ලබා දෙන විට රක්ෂණ මුදලක් අය කරගෙන රක්ෂණ භාරකාර අරමුදලට බැර කරන අතර, ඉදිරියේදී ගංවතුර වැනි වගා හානිවලදී වී බෝගය සඳහා එමඟින් ගෙවීම් කටයුතු කෙරෙනු ඇත. එසේම මෙම ක්‍රමවේදයේ සාර්ථකත්වය මත ඉදිරියේදී අනෙකුත් බෝගයන් සඳහා ද උක්ත ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම සලකා බැලේ.

(අ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වයි.ජී. පද්මසිරි මහතා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks