04

E   |     |  

 දිනය: 2013-09-04   පිළිතුර ලබා දී ඇත 

3350/2013: ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ආයතන : වාහන

3350/’12

 

ගරු පී. හැරිසන් මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)      ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම එක් එක් ආයතනය යටතේ ඇති රජයේ වාහන සංඛ්‍යාව කොපමණද;

  (iii)  එම ආයතනවල රජයේ වාහන ලබාදී ඇති නිලධාරීන් අයත්  ‍ශ්‍රේණි කවරේද;

     (iv)  එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  උක්ත  අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට කුලී පදනම මත ලබා ගෙන ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

   (ii)  එම වාහනවලට ගෙවීම් කරන ආකාරය කවරේද;

  (iii)  එම වාහන වෙනුවෙන් වාර්ෂිකව ගෙවන මුළු මුදල කොපමණද;

  (iv)  කුලී පදනම මත ලබාගත් වාහන පරිහරණය කරනු ලබන නිලධාරීන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  (i)  ඉහත අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාහන, කුලී පදනම මත ලබාගත් වාහන සහ නිලධාරීන්ගේ පුද්ගලික වාහන වෙන්කර හඳුනාගැනීමේ ක්‍රමවේදයක් තිබේද;

  (ii)  එසේ නම්, ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේද;

  (iii)  අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලට අයත් රජයේ වාහන වල රාජ්‍ය ලාංඡනය සමග අදාළ ආයතනයේ නම සඳහන් කර තිබේද;

  (iv)  නොඑසේ නම්, එයට හේතු කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඈ)  නොඑසේ නම් ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-09-04

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ආයතන සංඛ්‍යාව දෙකයි.

               (ii)      ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් වාහන                   සංඛ්‍යාව     -     253

                         ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අයත් වාහන සංඛ්‍යාව       -      379

              (iii)      ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින්ගේ ශ්‍රේණි

                                                                       කළමනාකාර අධ්‍යක්ෂ

                                                                       A - 1         

                                                                       A - 2

A - 2/3

සේවක අධ්‍යක්ෂ

පිරිපහදු කළමණාකරු (සුපර්)

  ව්‍යාපෘති කළමණාකරු (සෝරම් ව්‍යාපෘතිය)

A - 3

A - 4

 

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරින්ගේ ශ්‍රේණි

A - 1

A - 2/3

 

(iv) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් යට‍‍තේ ඇති වාහන          - 13

 ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරින් යට‍‍තේ ඇති වාහන   - 08

(ආ) (i) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කුලී පදනමට ලබා ගත් වාහන  සංඛ්‍යාව    -    04

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් කුලී පදනමට ලබා ගත් වාහන සංඛ්‍යාව    - 02

(ii) මාසික කුලී පදනම මත.

(iii) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කුලී පදනමට ලබා ගත් වාහන වෙනුවෙන්  වාර්ෂිකව     රු. 5,400,000.00

ඛනිජ තෙල්   තොග ගබඩා පර්යන්ත සමාගම විසින් කුලී පදනමට ලබා ගත් වාහන වෙනුවෙන් 

වාර්ෂිකව රු. 1,416,000.00 

(iv) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වාහන 04ක් - මත්තල ගුවන් තොටුපළේ රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වාහන 01ක් - ආරක්ෂක අංශයට අනුයුක්ත කර ඇත.

වාහන 01ත් - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය)

(ඇ) (i) ඔව්.

(ii) කුලී පදනම මත ලබා ගත් වාහන අමාත්‍යාංශය සතුව නොමැත. රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර

ඇති අතර, නිලධාරින්ගේ පුද්ගලික වාහනවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය නොකෙරේ.

(iii) ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ   හා යටතේ පවතින ආයතනවලට අයත් වාහනවල රාජ්‍ය ලාංඡනය  හා

ආයතනයේ නම  සඳහන් කර ඇති අතර එසේ සඳහන් කර නොමැති වාහනවල එය දැක්වීමට අවශ්‍ය කටයුතු

කරමින් පවතී.

(iv) පැන නොනගී.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2014-01-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks