පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3291/’12
ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2011 අගෝස්තු මස සිට මේ දක්වා ලියාපදිංචි වී ඇති විදේශ රැකියා නියෝජිත ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම ආයතනවල ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතන මගින් මේ වනවිටත් ශ්‍රමිකයින් විදේශගත කිරීමට කටයුතු කරන බව පිළිගන්නේද;
(ii) එසේ නම්, එම ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන්නේද;
(iii) 2012 වර්ෂය තුළ වටලන ලද ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතන සංඛ්‍යාව කොපමණද;
(iv) ඒවා සම්බන්ධයෙන් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ග කවරේද;
(v) ව්‍යාජ විදේශ රැකියා ආයතන මගින් හෝ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම මගින් ශ්‍රමිකයින් විදේශගතවීමට පෙර ඒවා හඳුනාගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස්කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-06
අසන ලද්දේ
ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඩිලාන් පෙරේරා මහතා (විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යතුමා)
(மாண்புமிகு டிலான் பெரேரா - வெளிநாட்டு வேலைவாய்ப்பு ஊக்குவிப்பு, நலனோம்புகை அமைச்சர்)
(The Hon. Dilan Perera - Minister of Foreign Employment Promotion and Welfare)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) වර්ෂ 2011 අගෝස්තු මස සිට මේ දක්වා ලියා පදිංචි වී ඇති නව විදේශ රැකියා නියෝජිත ආයතන සංඛ්‍යාව 243කි.
(ii) ඔව්. එම ආයතනවල ලැයිස්තුව මේ සමඟ අමුණා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ආ) (i) විදේශ රැකියා සම්බන්ධ කටයුතු කිරීමට නීතිමය අවසරයක් සහ බලයක් ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ විධිවිධානයන්ට අනුව බලපත්‍රයක් ලබා ගත් පුද්ගලයන්ට පමණි. එසේ බලපත්‍ර නොමැති ආයතන සහ පුද්ගලයින් විසින් විදේශ ගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බව මහජනතාවගෙන් පැමිණිලි ලැබෙන අවස්ථා ඇත. එම පැමිණිලි සම්බන්ධව අපි කටයුතු කරනවා.
(ii) විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරන බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයන් විදේශගත කරන ආයතනවලට හා පුද්ගලයින්ට විරුද්ධව කාර්යාංශය විසින් නඩු පවරනු ලබයි.
(iii) 2012 වර්ෂය තුළ 2012 වර්ෂයට අදාළව 77දෙනකුට නඩු පවරා තිබෙනවා. (2011 වර්ෂයට අදාළ අයට අමතරව)
(iv) එවැනි ආයතන හා පුද්ගලයින් වටලා අත් අඩංගුවට ගෙන අධිකරණය මඟින් කටයුතු කරනු ලබයි.
(v) බලපත්‍රලත් ආයතනයකින් පමණක් විදේශ රැකියාවක් සොයා ගත යුතු බවට ගම් මට්ටමින් වැඩමුළු පැවැත්වීම මඟින් ජනමාධ්‍ය මඟින් මහජනතාව දැනුවත් කරනු ලබයි.
(ඇ) පැන නොනගී.
* සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පිළිතුරු දුන් දිනය
2013-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks