04

E   |     |  

 දිනය: 2014-07-08   පිළිතුර ලබා දී ඇත 

3271/2014: දක්ෂිණ අධිවේගී මාර්ගය : ආදායම

3271/’12

 

ගරු රවී කරුණානායක මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2011, 2012 සහ 2013 වර්ෂවල දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් උපයාගත් ‍ආදායම කොපමණද;

            (ii)       එකී අධිවේගී මාර්ගයේ මේ දක්වා ගමන්කර ඇති කාර් රථ සංඛ්‍යාව‍ කොපමණද;

  (iii)  එම අධිවේගී මාර්ගයේ මේ දක්වා සිදුවී ඇති අනතුරු සංඛ්‍යාව කොපමණද;

  (iv)  දක්ෂිණ අධිවේගී මාර්ගය කුමන හෝ හේතුවක් නිසා වසා දමනු ලැබුවේද;

  (v)  එසේ නම්, එකී වසා දැමීම සඳහා හේතුව කවරේද; 

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-08

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2011 වසරේ ආදායම රුපියල් මිලියන 80.68යි. (රුපියල් 80,685,230.00)

                        2012 වසරේ ආදායම රුපියල් මිලියන 1,019.13යි. (රුපියල් 1,019,132,650.00)

                        2013 වසරේ ආදායම රුපියල් මිලියන 1,259.03යි. (රුපියල් 1,259,027,169.00)

       (ii)      2011 වසරේ කාර් රථ සංඛ්‍යාව         270,950

            2012 වසරේ කාර් රථ සංඛ්‍යාව     3,241,601

  2013 වසරේ කාර් රථ සංඛ්‍යාව     3,912,540

(ඉහත කාර් රථ සංඛ්‍යාවට සීට් 9ක් දක්වා වන වෑන් රථ හා කැබ් රථද ඇතුළත්ය.)

(iii) 2011 වසරේ අනතුරු සංඛ්‍යාව 56

සුළු අනතුරු සංඛ්‍යාව 01

විශාල අනතුරු සංඛ්‍යාව 05

මාරක අනතුරු සංඛ්‍යාව 0

දේපළ හානි පමණි 50

2012  වසරේ අනතුරු සංඛ්‍යාව 496

සුළු අනතුරු සංඛ්‍යාව   16

විශාල අනතුරු සංඛ්‍යාව 26

මාරක අනතුරු සංඛ්‍යාව 04

දේපළ හානි පමණි           450

2013  වසරේ අනතුරු සංඛ්‍යාව 471

සුළු අනතුරු සංඛ්‍යාව             26

විශාල අනතුරු සංඛ්‍යාව          18

මාරක අනතුරු සංඛ්‍යාව          05

දේපළ හානි පමණි            422

(iv) නැත.

(v) අදාළ  නැත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks