01

E   |     |  

 දිනය: 2013-05-09   පිළිතුර ලබා දී ඇත 

3207/2013: දුම්රිය දෙපාර්තමේන්තුව : පාඩුව පියවා ගැනීමේ වැඩ පිළිවෙළ

3207/’12

 

ගරු පී. හැරිසන් මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       වර්ෂ 2005 සිට 2012 දක්වා කාල සීමාව තුළ දුම්රිය දෙපාර්තමේන්තුව ලබා ඇති පාඩුව පියවා ගැනීමට සකසා තිබෙන වැඩපිළිවෙළ කවරේද;

             (ii)       දුම්රිය දෙපාර්තමේන්තුවට වැඩිම පාඩු ලැබිමට හේතුවී ඇත්තේ දුර ගමන් සේවා ක්‍රියාත්මක කිරීමෙන්ද; නැතහොත්, කෙටි ගමන් සේවාවලින්ද;

(iii) 2005-2012 කාල සීමාව තුළදී භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීම වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුවී තිබේද;

(iv) එසේ අඩුවීමක් තිබේ නම්, එයට හේතු කවරේද;

(v) ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීම ලාභදායී ක්‍රමයක් වුවත්, ඒ සඳහා එම ක්‍රමය පුළුල්ව යොදා නොගැනීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-05-09

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රෝහණ දිසානායක මහතා

(மாண்புமிகு ரோஹண திசாநாயக்க )

(The Hon. Rohana Dissanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ප්‍රවාහන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

 

(අ)    (i)     i        උතුරු දුම්රිය මාර්ගය කඩිනමින් සංවර්ධනය කිරීම.

 

                 ii       ඉන්දියානු ආධාර යටතේ දක්ෂිණ දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම.

 

                 iii      නවීන දුම්රිය කට්ටල 35ක් යොදා මගීන්ගේ අවශ්‍යතා පරිදි වායු සමීකරණය කළ දෙවැනි පන්තියේ මැදිරි එක්කර අමතර ආදායම් මාර්ග උපයා ගනිමින් සිටීම.

                 iv     උතුරු හා ‍තලෙයිමන්නාරම මාර්ගයන් සකසා අවසන් වූ පසු ඉන්දියාවේ සිට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට තලෙයිමන්නාරම හරහා සිදු කිරීමෙන් ද හම්බන්තොට වරාය හා ගුවන් තොටු පොළ සේවා අත්පත් කර ගැනීමෙන් ද පාඩුව අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

      (ii)    කෙටි ගමන් සේවාවලිනි.

      (iii)   වැඩි වී තිබේ.

      (iv)   අදාළ නොවේ.

      (v)    ඉන්ධන  ප්‍රවාහනයට දුම්රිය යොදා ගැනීම 2005  සිට 2012 දක්වා වැඩි වී ඇති මුත් පුළුල් අයුරින් එය ව්‍යාප්ත නොවීමට පහත කරුණු හේතු වී ඇත.

                  i.       දුම්රිය මාර්ග පද්ධතිය හා සම්බන්ධව පෙර පැවති ඉන්ධන ගබඩා කිසියම් වූ ප්‍රමාණයක් දැනට ක්‍රියාත්මක නොවේ.

                 ii.       දුම්රිය ආරක්ෂක නීති රෙගුලාසි අනුව ඉහළ දුම්රිය මාර්ගයේ  දුම්රිය ධාවනය කරවීමේදී දුම්රියට ඉහළ මාර්ගයේ තිරිංග ශක්තිය  මත ගෙන යා හැකි ඒකක ප්‍රමාණය හා දුම්රිය සැකසුමේ ඇති අවශ්‍යතාව මත ප්‍රවාහනය කළ හැකි ටැංකි ප්‍රමාණය සීමා වීම.

                 iii.      ඉන්ධන පරිභෝජනය වැඩි වීමට සාපේක්ෂව ඉන්ධන ටැංකි වැඩි ප්‍රමාණයක් ඉන්ධන බෑමේ කටයුතු සඳහා ස්ථානගත කිරීමට නොහැකි වීමෙන් ටැංකි  හිස් කර ගැනීමට  ප්‍රමාද වීම.

                 iv.     ඉන්ධන ටැංකි සුළු නඩත්තු කටයුතු  කොළොන්නාව අංගනය තුළම සිදු කිරීමට  ඉඩ පහසුකම් සලසා ගැනීමට නොහැකිව තිබීම.

(ආ) අදාළ  නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2013-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks