පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3203/’12
ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රි ලංකාවට පළිබෝධනාශක ආනයනය සඳහා බලපත්‍ර ලබා දී ඇති ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් ආයතනය විසින් වර්ෂ 2005 - 2012 දක්වා කාල සීමාව තුළදී ආනයනය කරන ලද පළිබෝධනාශක (කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක) ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත සඳහන් ආයතනවලින් මේ වන විට තහනම් කර ඇති සංඛ්‍යාව; කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ආනයනයට පෙර පළිබෝධනාශකවල තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් තිබේද;
(ii) එසේ නම්, එය කවරේද;
(iii) ආනයනික කෘෂිරසායනික ද්‍රව්‍ය අතර ආසනික් සහ මිනිසුන්ට හා සතුන්ට අහිතකර වෙනත් සංඝටක සහිත පළිබෝධනාශක තිබේද;
(iv) එසේ නම්, එම අහිතකර සංඝටක අඩංගු බව පරීක්ෂා කරනු ලබන ආයතන කවරේද;
(v) එම පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය විද්‍යාලයේ හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පර්යේෂණාගාරවල සහාය ලබා ගන්නේද;
(vi) එසේ නම්, එම ආයතන කවරේද;
(vii) ඉහත ආයතනවලින් තත්ත්ව සහතික ලබාගත් පසු වගාවන් සඳහා එම පළිබෝධනාශක නිර්දේශ කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
(i) කෘෂි රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් මැදිහත්වන ආකාරය කවරේද;
(ii) ඒවායේ භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-04-24
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
(மாண்புமிகு மஹிந்த யாப்பா அபேவர்தன)
(The Hon. Mahinda Yapa Abeywardena)
එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
පිළිතුරු දුන් දිනය
2013-09-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks