බලන්න

04

E   |     |  

 දිනය: 2013-04-23   පිළිතුර ලබා දී ඇත 

3201/2013: SEED FARMS UNDER DEPARTMENT OF AGRICULTURE: RESEARCH

3201/’12

 

ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව ඇති බීජ ගොවිපළවල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒවා අතරින් වී පිළිබඳව, වෙනත් ධාන්‍ය  පිළිබඳව හා වෙනත් කටයුතු සම්බන්ධයෙන් පර්යේෂණ  සිදුකරනු ලබන ගොවිපළවල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම ‍එක් එක් ගොවිපළ සතු ඉඩම් හෙක්ටයාර් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින්   වර්ෂ 2005 සිට 2012 දක්වා සිදුකළ පර්යේෂණ කටයුතු තුළින් අ‍ලුතින්  සොයාගන්නා ලද බෝග වර්ග කවරේද;

(ii) එම නව බෝග වර්ග අතරින් ගොවීන්ට හඳුන්වා දී ඇති සංඛ්‍යාව කොපමණද;

(iii) මේ දක්වා බතලගොඩ හා අනෙකුත් කෘෂි පර්යේෂණ ආයතන මගින් හඳුන්වා දී ඇති නව වී වර්ග එක් එක් ආයතනය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iv) ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති බාස්මතී වී වර්ග සංඛ්‍යාව කොපමණද;

(v) එම බාස්මතී වී වර්ගවල නම් සහ සොයා ගැනීම සිදුකළ ආයතන කවරේද;

(vi) දැනට සොයාගෙන ඇති නව වී, ධාන්‍ය,  පලතුරු හා එළවලු වර්ගවල බීජ මිලදී ගත හැකි ස්ථාන තිබේද;

(vii) එම ස්ථාන කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-04-23

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා (කෘෂිකර්ම අමාත්‍යතුමා)

(மாண்புமிகு மஹிந்த யாப்பா அபேவர்தன - கமத்தொழில் அமைச்சர்)

(The Hon. Mahinda Yapa Abeywardena - Minister of Agriculture)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      20කි.

              (ii)      මෙම බීජ ගොවිපළවල පර්යේෂණ කටයුතු සිදු නොකරන අතර බීජ නිෂ්පාදනය වැනි සංවර්ධන කටයුතු පමණක් සිදු කරයි.

             (iii)

             (iv)     සම්මත බාස්මතී වී වර්ගයක් වීම සඳහා ඊට අදාළ ගුණාංග කිහිපයක් සම්පූර්ණ විය යුතු වුවත්, දේශීය පාරිසරික තත්ත්වයන් යටතේ එම ගුණාත්මක තත්ත්වයෙන් යුතු ප්‍රභේද නිෂ්පාදනය අසීරුය. කෙසේ වෙතත් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මඟින් ද මෙම බාස්මතී වී වර්ග නිපදවීම අත් හදා බලා ඇත. ඒ අනුව බාස්මතී ගුණාංගවලට ආසන්න ගුණ ඇති වර්ග දෙකක් නිපදවා ඇත.

              (v)   At 306 ප්‍ර‍භේදය - අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය.

                      At 405 ප්‍ර‍භේදය - අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය.

              (vi) ඔව්.

 

 

පිළිතුරු දුන් දිනය

2013-04-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks