04

E   |     |  

 දිනය: 2013-03-08   පිළිතුර ලබා දී ඇත 

3167/2013: යාපනය දිස්ත්‍රික්කයේ ඒ-ශ්‍රේණියේ මාර්ග : ප්‍රතිසංස්කරණ කටයුතු

3167/’12

 

ගරු ඊ. සරවනපවන් මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති, මාර්ග සංවර්ධන අධිකාරියට අයත්, කන්කසන්තුරෙයි පාර, පලාලි පාර, පේදුරුතුඩුව පාර, මහනුවර පාර හා ප්‍රධාන වීදිය යන ඒ ශ්‍රේණියේ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 2009 මැයි මස 19 වැනි දිනට පසුව ආරම්භ කර ඇතත්  මේ දක්වා එම එක් මාර්ගයක හෝ එම කටයුතු අවසන් කර නොමැති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු භාරගත් කොන්ත්‍රාත් සමාගම දේශීය සමාගමක්ද; නොඑසේ නම්, විදේශීය සමාගමක්ද;

(ii) මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදවනු ලබන්නේ විදේශීය ණය ආධාර යටතේ ලබාගන්නා මුදල්ද; නොඑසේ නම්, රාජ්‍ය මුදල්ද;

(iii) ඉහත කී මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භකර වර්ෂ 3ක් ගතවී ඇතත්, මෙතෙක් එම කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීමට ‍හේතු කවරේද;

යන්න  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-08

අසන ලද්දේ

ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(மாண்புமிகு  தினேஷ் குணவர்தன)

(The Hon. Dinesh Gunawardena)

ගරු කථානායකතුමනි,  වරාය හා මහාමාර්ග  අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)  ඔව්.            

 

      මෙම මාර්ග සඳහා කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීම 2009 වසරේදී සිදු වුවත් වැඩ ආරම්භ කළ දිනයන් සහ අවසන් කරනු ලබන දිනයන් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

මාර්ගය

වැඩ ආරම්භ කළ දිනය

වැඩ නිම කළ යුතු දිනය

කන්කසන්තුරෙයි පාර, පලාලි පාර සහ ‍ පේදුරුතුඩුව පාර

2011.06.09

2013.12.08

මහනුවර-යාපනය පාර (ගල්කුලම සිට  කි.මී.230 දක්වා)

2011.02.07

2013.08.06

මහනුවර - යාපනය පාර (කි.මී. 230 සිට  යාපනය දක්වා)

2011.02.22

2013.08.21

(ආ)  (i)    විදේශීය සමාගම්

        (ii)   කොන්ත්‍රාත් වටිනාකමින් 85%ක් විදේශීය අරමුදල් වන අතර, ඉතිරි 15% ශ්‍රී ලංකා රජයේ අරමුදල් වේ.

       (iii)    ඉහත (අ) පිළිතුරෙහි සඳහන් පරිදි වැඩ නිම කළ යුතු දිනට අවසන් කිරීමට කටයුතු කරන බව කාරුණිකව දන්වමි.

(ඇ)  පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2013-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks