පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3166/’12
ගරු ඊ. සරවනපවන් මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 49/89 ප්‍රකාරව දේපළ වන්දි ගෙවීමට උතුරු නැගෙනහිර පළාත් සභා අමාත්‍යාංශය කටයුතු කළ අවස්ථාවේදී, එම අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙත ලැබුණු ඉල්ලුම්පත් සංඛ්‍යාව කොපමණද;
(ii) ඉල්ලුම්පත් ඉදිරිපත් කළ සියලු දෙනාට වන්දි මුදල් ගෙවනු ලැබුවේද;
(iii) එසේ ගෙවා නොමැතිනම්, ගෙවීම් කළ ඉල්ලුම්කරුවන්ගේ සංඛ්‍යාව කොපමණද;
(iv) වන්දි නොගෙවන ලද ඉල්ලුම්කරුවන්ට අදාළ වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) පසුගිය අවස්ථාවේදී 49/89 චක්‍රලේඛය අනුව ඉල්ලීම් ඉදිරිපත් කළ පිරිසගෙන් මෙතෙක් වන්දි මුදල් නොලැබී පීඩාවට පත්වූ පිරිසක් සුභසාධන කඳවුරුවල සිට පැමිණ කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල නැවත පදිංචි වී ඇති බව එතුමා දන්නෙහිද?
(ඇ) ඉහත සඳහන් පිරිසට කඩිනමින් වන්දි මුදල් ලබා දී ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීමට යම්කිසි පියවරක් ගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-06
අසන ලද්දේ
ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා (පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා)
(மாண்புமிகு சந்திரசிறி கஜதீர - புனர்வாழ்வளிப்பு, சிறைச்சாலைகள் மறுசீரமைப்பு அமைச்சர்)
(The Hon. Chandrasiri Gajadeera - Minister of Rehabilitation and Prison Reforms)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට අදාළ පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 1987 වර්ෂයේ සිට 2012 වර්ෂය අවසාන වන විට ලැබී තිබූ ලිපිගොනු සංඛ්‍යාව 25,899කි. ඉන් පසු මේ දක්වා ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව මුලතිව්, මන්නාරම, කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් වන අතර එය 2,405කි.
(ii) සම්පූර්ණ කරන ලද ලිපිගොනු අතරින් වැඩි දෙනෙකුට ගෙවීම් කර ඇත.
(iii) ගෙවීම් කළ ඉල්ලුම්කරුවන් සංඛ්‍යාව 17,987කි.
(iv) වන්දි නොගෙවන ලද ඉල්ලුම්කරුවන් 8,857ක් වෙනුවෙන් ලිපිගොනු සූදානම් කර ඇති අතර, 2013 වර්ෂයේදී ලිපි ගොනු 500ක් සඳහා රුපියල් මිලියන 44ක් ගෙවීම් කිරීමට සූදානම් කර ඇත.
2013.04.20 දින අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඉල්ලුම්කරුවන් 120 දෙනෙකු වෙත රුපියල් මිලියන 7.6ක මුදලක් ගෙවීම් කරනු ලැබීය. ඉතිරි ලිපි ගොනු සඳහා තවත් ප්‍රතිපාදන ලැබෙමින් පවතී.
(ආ) කවර ප්‍රදේශවල ද යන්න නොදනී. එය දැනගත හැකි වන්නේ අදාළ අමාත්‍යාංශයෙන් විමසීමෙනි. ඉල්ලුම්පත් එවා ඇත්තේ ආයතන ප්‍රධානියා මගිනි. කඳවුරුවල සිටි අය ඉල්ලුම්කර ඇත්තේ යුද්ධය අවසාන වීමට පෙර ය. එම අය යුද්ධය අවසානයෙන් පසු නැවත වෙන් වෙන්ව, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල පදිංචි වී සිටිය හැකිය.
(ඇ) මෙම අයදුම්පත් සම්බන්ධව වන්දි මුදල් කඩිනමින් ලබා දීමට, අපේක්ෂාවෙන් ඉදිරි කටයුතු කරගෙන යන බවත්, ඉදිරි කාලය ඇතුළත ප්‍රතිපාදන ලැබෙන පරිදි හැකි ඉක්මනින් ලිපිගොනු ලැබී ඇති පිළිවෙළ අනුව වන්දි සහන සැලසීමෙන් ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කරමි.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks