01

E   |     |  

 දිනය: 2013-03-07   පිළිතුර ලබා දී ඇත 

3163/2013: PUBLIC SERVANTS : PROPERTY LOAN

3163/’12

 

ගරු චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      රජයේ සේවකයින් සඳහා සියයට හතරක පොලී පදනම මත රාජ්‍ය බැංකුවලින් ලබා දෙන දේපල ණය මුදල් ලබාදීම මේ වන විට අත්හිටුවා ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)     එසේ නම්,  රජයේ සේවකයින් සඳහා එම දේපල ණය නැවත ලබාදීම ආරම්භ කරන දිනය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-07

අසන ලද්දේ

ගරු චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා (ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு கலாநிதி  சரத் அமுனுகம -  சர்வதேச நிதிய கூட்டிணைப்பு அமைச்சரும் நிதி, திட்டமிடல் பிரதி அமைச்சரும்)

(The Hon. (Dr.) Sarath Amunugama - Minister of International  Monetary Co-operation and Deputy Minister of Finance and Planning)      

ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ) අත් හිටුවා නැත.

2005 වර්ෂයේ සිට 2012.12.31 දක්වා 82363 දෙනෙකු සඳහා ණය මුදල් නිදහස් කර ඇති අතර, ලබා දී ඇති මුළු ණය මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 70,461කි.

දේපළ ණය පොලී ගෙවීම වෙනුවෙන් 2012 වර්ෂයේ දී රුපියල් බිලියන 1.7ක ප්‍රතිපාදන රජය මඟින් වෙන් කර ඇති අතර, ඒ සඳහා 2013 වර්ෂය වෙනුවෙන් ඇස්තමේන්තුගත කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 1.9කි.

(ආ) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks